About

Tuesday, July 14, 2009

බ්ලොග් ලිවීම

කස්ටිය කොහොමද ඉතින්..? මම මේ බ්ලොගය පටන් අරන් මාස තුනකුත් ගිහිල්ලා. සුපිරි ජංජාල සම්බන්ධතාවකට උරුම කම් කියන මම දැනට මම පොස්ට් 36 ක් දාලා තියෙනවා. මාස 3 කට මේ පොස්ට් ගාන ඇති කියල හිතෙනවා. මම මාසෙකට ‍ලිපි 10 - 12 ක් වත් දාන්න බලනවා. වැඩේ කියන්නේ ලියන්න දේවල් නෑ. ඔවර්ක්ලොක් ගැන පොස්ට් එකක් බාගෙට ලියල තියෙනවා. ඒක නම් තේරෙන්නේ මටම විතරයි කියල හිතෙන්නේsengihnampakgigi. ඒක හරියට ලියා ගන්නකං වල් පල් ටිකක් දාන්නං. මාස තුනක් මේ බ්ලොගය කියවපු ඔයාට බොහොම ස්තූතියි.senyum

Saturday, July 11, 2009

පොඩි පොඩි USB ගැජට්

මේ තියෙන්නේ මම internet එකේ ඉන්නකොට දැකපු USB ගැජට් ටිකක්. මට නම් වැඩියෙන්ම හිතට අල්ලලා ගියේ USB ෆිජ් එකයි. මාර ප්‍රයෝජනවත් භාණ්ඩයක්. බිම එකක් එහෙම කූල් කරගන්න මරුsenyum. USB කනෙක්ටරයක් විතරයි ඕනේ


මේක ඇවිල්ලා රොකට් මවුස් එකක්. තොරණක් වගේsengihnampakgigi, පොඩි ගතියක් නැත්තෙමත් නෑ.


මේක ඇවිල්ලා USB කිබෝඩ් එකක් හයිකරපු කොට්ටයක්. වැඩ කරලා ඒකේම නිදියගන්න පුළුවන්. 2 in 1sengihnampakgigi
මේක USB හබ් එකක්.

Wednesday, July 8, 2009

CPU එකෙන් වතුර රත් කිරීම

මේ ලගදි (ලගදි කියන්නේ ඊයේ නැත්නම් පෙරේදා) මැසිමකුත් අරන් මගේ යාළුවෙක් ආවා මාව හම්බවෙන්න. මිනිහගේ මැසිම වැඩ කරන්නේ නැතිලු. පස්සේ මමත් දාල බැලුවා. ඔන් වෙනවා CPU ෆෑන් එහෙම වැඩ කරනවා ඒත් display නෑ, බිප් කෝඩ් නෑ. මම ඉතින් කෑල්ලෙන් කෑල්ල ගලවලා මගේ මැසිමට ගහලා බැලුවා. CPU වැ‍ඩ, Ram වැඩ, (VGA ඹන්බොඩ්) බෝඩ් එක පිච්චිලා වගේ. වොරන්ටිත් තියෙනවා. ඒත් ඊ‍ට පස්සේ මම මගේ CPU එක යාළුවාගේ motherboard එකට හයි කළා. ඒත් වැඩ නෑ. පස්සේ ඉතින් ඌ ඒ බෝඩ් එක මාරු කරන්න අරගෙන ගියා. කතාව පටන් ගන්නේ දැන්. ඉතින් ඒ යකා ගියාට පස්සේ මම‍ මගේ මැසිමේ ගලවපු කෑලි ටික හයිකරගෙන සාමාන්‍ය විදියට වැඩ කලා. ඊයේ හවස මම මැසිම ඔන් කරලා විනාඩි 5 ක් විතර යනකොට එකපාරට මැසිම off වුනා. ඒ මොකද වුනේ කියලා හිතලා පස්සේ ආයෙත් මැසිම ඔන් කළෘ. මෙන්න විනඩෝස් බූට් වෙනකොටම මැසිම ආයෙත් off වුනා. පස්සේ Bios වලට ගිහිල්ලා overclock එහෙම disable කළා. ඒත් මේක දැන් දාලා විනාඩියකින් විතර off වෙනවා. පස්සෙ නිකමට bios වල hardware මොනිටරේ බැලුවා. හෆෝයි CPU Temp එක 102C යිhah. මේක පට් පට් ගාලා වැඩි වෙනවා 105C වුනු ගමන් මැසිම off වෙනවා. CPU ෆෑන් එකත් වැඩ පස්සේ තමයි සිද්ධිය තේරුණේ. (වතුර නටන්නෙත් 100 C දි. බලපුවාම තේ හදන්න වතුර රත් කරන්න පුළුවන්sengihnampakgigi)


මේකයි වෙලා තියෙන්නේ මම කිපසැරයක්ම මගේ මැසිමේ CPU එක ගලවලා යාළුවගේ මැසිමට සෙටි කළා. ඒනිසා CPU එක හා Heatsinkඑක අතර තාප හුවමාරු කරන ද්‍රව්‍ය (heatsink compound, thermal compound) ටික ගිහිල්ලා. ඒ නිසා CPU එකයි Heatsink එකයි තාප හුවමාරුව අඩු වෙලා. ඒ නිසා තමයි CPU එක මේ විදිහට රත් වුනේ. ඉතින් මම අළුත් compound බෝතලයක් (රු 80) ගෙනල්ලා CPU එකට ටිකක් දාලා ආයෙත් හීට්සින්ක්/ෆෑන් එක හයි කලා. මෙන්න බබා වගේ වැඩ. සුපුරුදු පරිදි 100% overclock කලෘsenyum. CPU එකේ ඔරිජිනල් ස්පීඩ් එක 1.60GHz ඒත් ඒක රන් වෙන්නේ 3.20GHz වලින් කෝමද overclock කිරිම ?sengihnampakgigi


ඕවක්ලොක් කරලා 100% CPU එක ලෝඩ් කළාම දැන් temp එක 81 C විතරයි. ඉතින් CPU එකක් ගලවලා නැවත හයි කරන කොට heatsink compound ටිකක් දාලා හයිකරන්න.

ප.ලි. මම ගත්තු heatsink compound බෝතලේ.



Saturday, July 4, 2009

මේ දවස් වල ජීවිතේ...

කස්ටිය කොහොමද ඉතින්. ලියන්න විශේෂ දේකුත් නෑ. මේ දවස් වල වුනු දේවල් ටිකක් ලියන්නම්. මේක ටෙලිකොම් කතාවක් මම ADSL ගන්න ෆෝම් එකක් දුන්නනේ, ඒත් සති දෙකක් ගියත් මුං කිසිම සද්දයක් නැති නිසා මම ගිහිල්ලා SLT එකට කිව්වා. ඊලග දවසේ SLT එකෙන් කතා කරල කියනවා සෑර්, සෑර්ලගේ ගෙදරට දුර වැඩියි ඒනිසා සිග්නල් නෑ ADSL දෙන්න විදියක් නෑ. ඒත් speed එක අඩු වුනාට ප්‍රශ්නයක් නෑ කියල සර් ලිවුමක් දෙනවා නම් අපි ලයින් එක දෙන්නම් කියලා. මේක ගම්දෝ නොගම්දෝ soalමොනව කොරන්නද මන්ද. ප්‍රශ්නේ ටෙක්කතා අයියලට කිව්වා. ඒත් කස්ටිය ඊයෙ පොලු තිබ්බනේ.

***
හෆෝයි... මේ ලගදි මට මාර වැඩක් වුනානේ. මම ගමනක් යන්න හොදට ඇදගෙන බස් හොල්ට් එකට ගියා. බස් එක ආවා මම බස් එකට නැග්ගා. බස් එකට නගිනකොටයි මම දැක්කේ මගේ කලිසමේ සිප් එක ඇරලාsedih. හෆෝයි මොනව කොරන්නද? බස් එකේ ගෑණු කස්ටිය ගොඩක් ඉන්නව. සේරමල වගේ ඉදගෙන තමයි හිටියේ. හොද වෙලාවට මටත් ඉදගන්න සිට් එකක් ලැබුණා. ඒත් එහා පැත්තේ ඉන්නේ ටිකක් වයසක ගෑණු කෙනෙක්. වෙලාව කියන්නේ මම එදා බෑග් එකක් අරගෙන ගියා. මම මොකෑ කළේ බෑග් එක උඩ්න් තියාගෙන බෑග් එක යටින් අත දාල අමාරුවෙන් සිප් එක දාගත්තා. හෆෝයි මීට පස්සේ ගෙදරින් එළියට බහිනකොට සිප් එක දාලද කියල හොදට චෙක් කරන්න ඕනේsengihnampakgigi.

***
මීට ටික දවසකට කලින් මට පාරේ පාන් බෙදන අක්කල කස්ටියක් හම්බවුනානේ. ලස්සනට පාන් පෙත් 4 ක් විතර පැක් කරලා පාර මැද පාන් බෙදනව. පාන් පැකට් එකක් ගන්න මට බයික් එකේ ක්ලච් එක අත ඇරගන්න බැරි වුනානේ. බයික් එක නිවුටල් කිරීම හරි අමාරු වැඩක්. මොනව වුනත් ලස්සන අක්කලා ටිකක්. මීට කලින් දවස් වල වත්තලයි මහාබාගෙයි මේ කස්ටියම පාන් බෙද බෙද හිටිය කියල දැනගන්න ලැබුණා. මම මේ අයව දැක්කේ ජා ඇල දි. ඇයි මම ක්ලච් එකක් තියෙන බයික් එකක් ගත්තේ?ketukmeje

***
මේ දවස් වල මම උබුන්ටු වල අනංමනං කරනවා. වින්ඩෝස් එක්ක ඩුවල් බූට් කරන් ගිහිල්ලා පොඩ්ඩක් චොර වුනා. පස්සේ VM ware වලින් අත්හදා බලන්න තීරණය කළා. පස්සේ ඩුවල් බූට් ගැන A - Z ලිපියක් හොයාගත්තා. එක එක විදියට වින්ඩෝස්, උබුන්ටු ඉන්ස්ටෝල් කරන විදිය තියෙනවා. මෙන්න මෙතන ඒක තියෙනවා ඕන කස්ටිය බලන්න.