About

Sunday, June 5, 2011

VGA card එකට වද දීම

කස්ටිය කොහොමද ඉතින්..? ඕං මාස දෙකකට පස්සේ බුවා නැවතත් බ්ලොග්කරණයේ bising. දන්නෙම නැතුම මම බ්ලොග් ලියන්න අරන් අවුරුදු 2 කුත් ගිහිල්ලා. අද කියන්නේ Video card එකට දසවද දීම ගැන. මීට අවුරුදු 1 1/2 කට විතර කලින් මාත් පෙරුම්පුරලා ගත්තනේ VGA card එකක් bising. ඕක දැන් ටික දවසක ඉඳලා (ටික දවසක් කියන්නේ හෙන කල් ඈ...bising) හෙන අප්සැට් විදියට තමා වැඩ කරන්නේ. ඒකියන්නේ මැසිම ටික වෙලවක් දාගෙන ඉන්නකොට Display නැතුව යනවා. BSOD එනවා, සමහර වෙලාවට මැසිම boot වෙන්නේ නෑ, වැඩ ගොඩයි bising. අන්තිමට boot up screen එකේ ඉඳලම එක එක පාට පාට අකුරු ඉලක්කම් ඉරිකෑලි වගේ ඒවා වැටිලා තිබිලා Windows boot වෙද්දිම මැසිම restart වෙන්න පටන්ගත්තා. මම දලා තිබුණු Mac OS එකටත් මේ සෙතේම තමා. Mac OS boot වෙන්නෙත් නෑ. මාත් VGA card එක පැත්තකට දාලා Onboard VGA වලින් වැඩ කලා.

ඊයේ ඕං මේක ඇදලා එළියට අරන් Google එකේ Search කරලා බැලුවා. card එකේ cooling system එක අල වුනාමත් ඔහොම වෙනවා කියලා සයිට් එකක තිබ්බා. මාත් heat sink එක ගලවලා ඒක සුද්ද කරලා අළුතෙන් heat sink compound දාලා බැලුවා. වැඩක් නෑ bising. පරණ ලෙඩේමයි. ඊලඟට search කරගෙන යනකොට card එක oven එකක bake කලාම හරියනවා කියලා හොයාගත්තා bising. YouTube එකෙත් බැලුවා. කරන විදිය ලස්සනට තියෙනවා. දැන් මේ කාඩ් එකට warranty ත් නැති එකේ, මේක තියන් බකන්නිලන් ඉන්නවට වඩා try කරන එක හොඳයි කියලා හිතලා මාත් වැඩේට බැස්සා. try & try one day you can fly කියනවනේ bising.

පොතේ හැටියට කාඩ් එකේ heat sink එක ගලවලා කලින්ම 375° - 390 °F (~200°C) වලට රත් කරපු අවන් එකක විනාඩි 5 - 10 ක් දාලා තිබ්බාම වැඩේ හරි. හැබැයි අවන් එකේ කොහේවත් නොගෑවෙන විදියට, තමා කාඩ් එක තියන්න ඕනේ. කාඩ් එක අවන් එකේ නොගෑවෙන්න තියන්න කෑම ඔතන අළුමේනියම් කොළ වලින් හදාගත්ත බෝල 4 ක් තමා පාවිච්චි කරන්නේ.


ඒත් මොන හිතකින් මේක අවන් එකකට දාලා පුච්චන්ද? වැඩේට කලින් test පාරක් දාන්න පරණ dialup modem එකක් හොයලා අරන් අවන් එක 190 °C කට විතර රත් කරලා විනාඩි පහක් දාලා තිබ්බා. ඒත් වෙනසක් නෑ. (මගේ කැමරාව පාපමිත්‍රයෙක් ගෙනගොස් ඇති නිසා පින්තූර ගැනීමට විදියක් තිබුණේ නැත bising) පස්සේ ආයෙත් 200 °C විනාඩි 10 ක් දාලා තිබ්බා. ඒපාරත් එච්චරම විශේෂයක් නෑ. අවන් එකේ රස්නේ මදි ඇති කියලා හිතලා 250 °C ටම රත් කරලා මොඩම් එක ඇතුලට දැම්මා. විනාඩියක් ගියේ නෑ මොඩිම් එකේ පාස්සලා තිබුණු තරමක් ලොකු කෑලි ටික බෝඩ් එකෙන් ගැලවිලා වැටුනා bising. ඒක ඉවරයි. මේකෙන් සිද්ධිය තේරුම් අරන් 200 °C විනාඩි 6-7 ක් කාඩ් එක bake කරලා එළියට ගත්තා. කාඩ් එකේ ඊයම් වල විශේෂ වෙනසක් නං දැක්කේ නෑ. පස්සේ නිවෙන්න තයලා heat sink එක හයිකරලා මැසිමට දැලා බැලුවා.

ඉස්සෙල්ලා startup screen එකේ ඉඳලාම වැටුනු එක එක විකාර අකුරු වෙනුවට screen එකේ ඉරි කීපයක් යන්න ගත්තා. කොහොම හරි restart හෝ BSOD නොවී Windows වලට boot වුනා bising. ඒත් අඟලක විතර මහතට එක එක පාට ඉරි 5 ක් මොනිටරේ වැටිලා තියෙනවා. අළුතෙන් Drivers Install කරත් වැඩක් වුනේ නෑ. areo theme එක හෝ video palyback කරන්න බෑ. Device manager එකත් කාඩ් එකේ අවුලක් තියෙන බව කියනවා. GPU Z කාඩ් එක පෙන්වන්නේ මෙහෙමයි. nVidia Control panel එකත් වැඩ කරන්නේ නෑ.

ඉතින් දෙපාරක්ම bake කළත් මේ bake කිරිල්ල නං මට 100% ක් වැඩ කළේ නෑ. ඒත් අසාර්ථකත් නෑ. සාර්ථක වීම හෝ නොවීම තියෙන්නේ වාසනාව මත කියලා තමයි නෙට් එකේ තියෙන්නේ. කස්ටියගෙත් පරණ වැඩ නොකරන Motherboards, VGA cards තියෙනව නං මේ විදියට ට්‍රයි කරලා බලන්න. සමහර විට වැඩ කරයි. ඒත් කරන්න කලින් තව නෙට් එකේ හොයලා බලන්න. අනික මම නං පිච්චුනු කරවුනු අඟුරු වුනු උපාංග වලට වග කියනු නොලැබේ bising.

Thursday, March 31, 2011

Mac OS X හා Windows අතර ඔරලෝසුවේ අවුල

කස්ටිය කොහොමද ඉතින්..? අද නං ලියන්නේ Mac OS ගැන. Mac OS සහ Windows Dual boot කරලා තියෙන එක්කෙනෙක් ඉන්නවා නං මේ OS දෙක අතර ඔරලෝසුවේ පොඩ් අලයක් තියෙනවා එක මීටර් වෙලා ඇති bising. මටත් මේ ළඟදී තමයි මේක මීටර් වුනේ bising. පොඩ්ඩක් Google දෙයියාගෙන් අහලා බලපුවාම තමා වැඩේ අහුවුනේ. මේකයි අවුල

අපේ මැසිමේ Bios වල තියෙන වෙලාව RTC (Real time clock) උදේ 9 යි කියලා හිතන්න. දැන් ලංකාවේ නියම වෙලාවත් උදේ 9 යි කියලා හිතන්න.

RTC - 9.00 am
Current time 9.00 am
Windows 7 time Zone - +5.30 GMT
Mac OS X leopard time zone - +5.30 GMT
Windows/Mac Internet time synchronize - OFF

දැන් Windows වලින් මැසිම Boot වුනාම වෙලාව නිවැරදිව උදේ 9.00 කියලා පෙන්වනවා. ඒත් restart කරලා Max OS වලින් boot කලාම වෙලාව සවස 2.30 (2.30 pm/ 14.30). . පේනවනේ වෙලාව වැරදියි කියලා. දැන් mac os වලදී Internet time sync දැම්මොත් මැක් වල වෙලාව නැවතත් උදේ 9.00 නිවැරදි වෙනවා. දැන් ආයෙත් Windows වලට ගියොත් වෙලාව උදේ 3.30 ට වෙනස් වෙලා තියෙනවා. මොකද මෙහෙම වෙන්නේ..? bising

Windows boot වෙනකොට තමන්ගේ (local time එක) වෙලාව විදියට අර bios එකේ වෙලාව අරගන්නවා. නමුත් Mac OS වෙනස් මැක් වලින් RTC එක Universal Time වෙලාව විදියට අරගෙන ඒකට තමන්ගේ time zone එක අනුව තව පැය 5.30 ක් එකතු කරලා වෙලාව පෙන්වනවා. මැක් වල වෙලව 14.30 වුනේ ඒකයි. දැන් Mac OS වල time sync දාපු නිසා නෙට් එකට අනුව වෙලාව 9.00 කියලා වෙනස් කරනවා. ඒ විදියටම Bios එකේ වෙලාව පැය 5.30 කින් අඩු කරලා උදේ 3.30 ලෙසට හඳනවා. දැන් Windows වලින් boot කරපුවාම වෙලාව උදේ 3.30 වෙන්නේ ඒකයි.

Windows වලත් මේ internet time sync තියෙනවා. නමුත් ඒක හරියටම වැඩ කරන්නේ නෑ. control panel > Date & time > internet time > change settings > update now දුන්නොත් නං වෙලාව නැවත නිවැරදි වෙනවා. මේ අවුලට විසඳුම් කීපයක්ම තිනෙවා.

1. Mac OS වල time Zone එක GMT London ලෙස වෙනස් කිරීම + time sync off කිරීම

2. Bios වල වෙලාව (RTC) GMT ලෙස ගෙන time zone එක අනුව වෙලාව වෙනස් කිරගනෑමට windows වල registry ය වෙනස් කිරීම

regedit ගහලා registry එකට ගිහිල්ලා, HKEY_LOCAL_MACHINE > SYSTEM > CurrentControlSet > Control > TimeZoneInformation > right click > New > DWORD පස්සේ එක RealTimeIsUniversal කියලා rename කරලා value data එකට 1 දාන්න.

3. තව විදියක් මෙතන තියෙනවා. මම try කලාට හරියට කරගන්න බැරිවුනා.

ඔන්න ඔහොමලු කරන්නේ. කස්ටියට තේරෙනවද මන්දා bising. දැනගත්ත විදියට ලිනක්ස් වලත් mac os වල වගේම RTC එක GMT විදියටයි ගන්නේ. ඒත් Windows සමඟ dual boot කරනකොට RTC එක local time එක විදියට ගන්නවා.

Monday, January 24, 2011

සුනඛ විශේෂ කීපයක්

කස්ටිය කොහොමද ඉතින්..? අද නං ලියන්නේ බල්ලන් ගැන. බල්ලො කියපුවාම සෑහෙන බලු වර්ග ප්‍රමාණයක් ලෝකයේ ඉන්නවා. ඔය සේරම ගැන නං මං දන්නේ නෑ. ලංකාවේ බහුලව ඉන්න බල්ලන් වර්ග කීපයක් ගැන පොඩි දේවල් ටිකක් ලියන්නංකෝ. ලංකාවේ නං වැඩියෙන්ම ඉන්නේ German Shepherd, Labrador Retriever, Golden Retriever, doberman, boxer, rottweiler, Dalmatian, Pomeranian , Ridgeback වගේ බල්ලන් තමා. ඒත් මේ සේරටම ලංකාවේ ගොඩක්ම ඉන්නේ වල් බල්ලෝ bising


German shepherd ලා මුලින්ම ගමුකෝ. කියන විදියට නං බුද්ධිමත් බල්ලන් විශේෂයක්. ගොඩක් පොලිස් සුනඛයන් GS ලා. train කරන්න ගොඩක් ලේස්යි කියලා තමා කියන්නේ. ඒත් හොඳට train කරපු ගෙදරක ඉන්න GS කෙනෙක් නං මම දැකලා නෑ. සෑහෙන ලොකුවට හැදෙනවා. තමන්ගේ පවුලටත් ඉතාම ලැදියි. ලංකාවේ GS කෙනෙක් රු 8000 සිට 15000/ 20000 අතර මිලක් වෙනවා. CKC ලියාපදිංචි බල්ලන් නං මීටත් වඩා මිල වැඩියි. (Picture)


Labrador Retriever ඉතාම බුද්ධිමත් සුනඛ විශේෂයක්. පොලිස් සුනඛයන් විදියටත් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට මිනිසුන්ව හපා කන්නේත් නැ. ලෝකයේ නං වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙන්නේ LR ලා. train කරන්නත් සෑහෙන පහසුයි. තමන්ගේ පවුලටත් කුඩා ළමයින්ත් ඉතාම ලැදියි. ලංකාවේදී නං LR ලාගේ මිල තරමක් වැඩියි. සාමාන්‍යයන් රු 17000 - 25000 ක් විතර වෙනවා. තනි කළු, ගෝල්ඩ්, චොකලට් වර්ණ වලින් ලබාගත හැකියි. (picture)


Doberman තරමක් සැර සුනඛ විගේෂයක්. ගොඩක් වෙලාවට මිනිසුන්ව හපා කන්න පෙළඹෙනවා. නම්‍රත් තමන්ගේ ස්වාමියාට නං ඉතාම ලැදියි. සෑහෙන බුද්ධිමත්. Doberman ලා ඉපදි දවස් 10 ක්න් විතර මොවුන්ගේ වලිගය කපා දමනවා. තුනී ලෝම පිහිටන නිසා නඩත්තුව තරමක් පහසුයි. ලංකාවේදී නං රු 8000 සිට රු 10000/15000 අතර මිලකට නියම වෙනවා. (picture)


Boxer තරමක් විශාල සුනඛ විශේෂයක්. ඉතාම ශක්තිමත් හකු වලින් boxer සමන්විතයි. ඒ කියන්නේ boxer එකෙක් හැපුවොත් නං සොරි.කොම්. සැහෙන දිග දිවකුත් boxer ලාට පිහිටනවා. ඒත් පිළිකා සෑදීමේ අවදානමක් බොක්සර්ලාටා තිබෙනවා. ඉතාම ක්‍රියාශිලි සුනඛ විශේෂයක්. ලංකාවේදි මිල නං රු 10,000 ත් 25,000 ත් අතර වෙනවා. (picture)


Rottweiler විශාලව වැඩෙන සුනඛ විශේෂයක්. ඒ වගේම ඉතා සැර සුනඛ වර්ගයක් වන අතරම නිතරම වෙනත් බල්ලන් සමග ආරවුල් ඇති කරගනි. මිනිසුන්ව හැපාකෑමේ සම්භාවිතාවත් වැඩියි. මොවුන්ගේ සපා කෑම් නිසා මිනිසුන් මරණයට පවා පත් වී තිබෙනවා. නමුත් තමන්ගේ පවුලට ඉතාම ලැදියි. මිල නං ඉතාම ඉහළයි. ලංකාවේදී නං එක පැටවෙක් රු 30,000 කට වඩා මිලයි. (picture)

Pomeranian ගොඩක් ගෙවල් වල මේ සුනඛයින් ඉන්නවා. දිග ලෝම නිසා නඩත්තුව නං තරමක් අපහසුයි. තරමක් කුඩා සුනඛ විගේෂයක්. සාමාන්‍යයෙන් රු 5000 කට පමණ ලබා ගත හැකියි.

තව නං ගොඩක් බල්ලන් වර්ග ලංකාවේ ඉන්නවා. දැනට ඔය ඇති. අපේ Google බස් එකේ යන කස්ටිය විසින් සංවිධානය කරපු බ්ලොග් සතිය වෙනුවනේ තමා හදිස්සියේම ලිව්වේ. ඕං ඉතින් මේකේ වැරදි එහෙම තියෙනවා නං හදන්න. බල්ලන්ගේ ගණන් නං පුද්ගලිකව විමසපු ඒවා. අනෙක් විස්තර නං එහෙන් මෙහෙන් හොයාත්තු ඒවා. ගොඩක්ම Wikipedia වලින්. අවසාන වශයෙන් කියන්න ඕනේ ඔෆීසයේ සිට බ්ලොග් ලියන එක නං මහ කැත වැඩක් bising .

Monday, January 10, 2011

2010 න් 2011 ට

කස්ටිය කොහොමද ඉතින්...? මාව මතකද මන්දා bising. කොහොම හරි ඕං මාස 2 කට විතර පස්සේ මටත් බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වුනා bising. 2011 ත් ඇවිල්ලා. පහුගිය අවුරුද්දේ මගේ බ්ලොග් කෙරුවාව නං අන්තිම සවුත්තු වුනා. බ්ලොග් ලියන්න කම්මැලි වීම තමා ඇත්ත හේතුව bising. 2010 අවුරුද්ද ගැන පොඩ්ඩක් මතක් කරනවා නං අවුරුද්ද මුල හරියේ exam වගයක් කළා. පස්සේ ජොබක් හෙව්වා. ඒකෙ නං ලොකුම අලය වුනේ experience එක මදි කම. පස්සේ experience හදා ගන්න හෙන පොඩි තැනක් හොයාගත්තා. ඒත් salary කියන එක එතන තහනම් වචනයක් bising. දැන්නං එතන එපා වෙලා වෙන තැනක් හොයනවා. ඊලඟට Mac OS, මැක් වලට නං මාර විදියට ඇබ්බැහි වුනා කිව්වොත් හරි. බ්ලොග් එකේ මැක් ගැන පෝස්ට් එකක් දෙකක් දාන්නත් පුළුවන් වුනා. ඒත් අවුරුද්දේ අන්තිම හරියේදී පණ්ඩිත වැඩක් කොරන්න ගිහිල්ලා මැක්කාට කෙලවුනා. ආයෙත් අළුතෙන් install කරන්න DVD Drive එකක් හම්බ වෙනකං බලාගෙන ඉන්නවා. මගේ කෝපය පාලන කොරගන්න බැරීවීම නිසා මගේ DVD රයිටරයත් අවසන් ගමන් ගියා නෙවැ bising. Twitter එකේ කස්ටිය නං සිද්ධිය දන්නවා. මේක බලලා අදහසක් ගත්තනං. හික්... හික් bising. අල මොබිටෙලයට සමු දීලා ADSL ගන්නත් ගිය අවුරුද්දේ පුළුවන් වුනා. තාම නං අලයකින් තොරව ජංජාලය වැඩ. සාමාන්‍යයෙන් 25 - 30GB ක් විතර මාසෙකට බෑවෙනවා. 19 SBU G2G එකටත් ගියා නෙවැ. මෙච්චර කල බ්ලොග්, twitter, FB පිටිපස්සේ හිටපු සෑහෙන දෙනෙක් අඳුරගන්නත් පුළුවන් වුනා. 25 නත්තල් දවසේ යාළුවෙකුගෙ ගෙදර පාටි එකකුත් තිබුණා නෙවැ. බොන්න එහෙමත් තිබුණා. අන්තිමට බීලා වැඩි වෙලා යාළුවෙක්ව උස්සාගෙන ගිහිල්ලා ගෙදරට දාන්නත් වුනා bising.

ඒ 2010. මේ අවුරුද්දේ දී බ්ලොග් කෙරුවාව අල නොකර ටිකක් පිළිවෙළකට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔය කිව්වට කොහොම වෙයිද කියලා දෙයියො තමයි දන්නේ. පෝස්ට් එකත් දික් වේගන එනවා. ICC world cup එකත් එනවා නෙවැ. එහෙනං ක්‍රකට් උණෙන් පිරුණු නව වසරක් වේවා කියලා කියමින් අදට නතර කොරනවා