About

Monday, November 16, 2009

YouTube 1080p වීම


කස්ටිය‍ කොහොමද ඉතින්..? දන්නවනේ YouTube. අරකද මේකද රටේ නැති videos තොගපිටන්ම මේ youtube එකේ තියෙනවා. දැන් තියෙන ගොඩක් වීඩියෝස් HD විදියට තමා තියෙන්නේ. ගොඩක් අය බලන්නෙත් HD වීඩියෝස් විතරයි. ඒත් youtube මෙච්චර කල් සහාය දැක්වුවේ 720p HD videos (max) වලට විතරයි. ඒත් ඊලඟ සතියේ ඉඳන් youtube 1080p තේරෙන විදියට කිව්වොත් Full HD Videos වල‍ට සහාය දක්වනවා. (Full HD වල resolution එක 1920x1080 වෙනවා) තවමත් මෙම 1080p වීඩියෝ එකකට ලබා දෙන උපරිම කාලය විනාඩි 10 ක් පමණයි. විනාඩි 10 ක 1080p video එකක් කියන්නේ විශාල ෆයිල් එකක්. අපි වගේ දුප්පත් මොබිටෙල් කාරයින්ට නං මේ 1080p වීඩියෝ එකක් කියන්නේ සිහිනයක්ම පමණයි rindu. තමන්ගේ මැසිමේ තියෙන්නේ ඔන්බෝඩ් Graphics නං මේ 1080p වීඩියෝස් ප්ලේ කිරිමේදී stuck වීම් ඇති වෙන්න පුළුවන් sedih. ATI හෝ Nvidia Graphics කාඩ් එකක් තියෙනවා නං 1080p වීඩියෝස් වඩාත් හොඳින් රස විදින්න පුළුවන්. තමන්ගේ මොනිටයේ resolution එකත් 1920x1080 හෝ ඊට වඩා වැඩි විය යුතුයි. නැත්නං නියම 1080p විඩියෝස් රස විදින්න අමාරුයි.

720p වීඩියෝ එකක් (25MB)

1080p වීඩියෝ එකක්
(70MB)

Friday, November 13, 2009

Call of Duty Modern Warfare 2 වෙළදාම


කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ call fo duty ගේම් එක. මම නං තාම ප්ලේ කරන්නේ call of duty 4 jelir. call of duty වල අළුත්ම වර්ෂන් එක තමයි Call of Duty Modern Warfare 2. මේක ගේම් එකට නං දැනටමත් ගේම් පිස්සන් වහ වැටිලා. ඉතින් මේ ගේම් එක වාර්තා පිට වාර්තා තියලා තමයි අලෙවි වෙලා තියෙන්නෙ. මේක නිකුත් කරපු දවසේ විතරක් පිටපත් මිලියන 4.7 ක් ඩොලර් මිලියන 310 කට අලෙවි වෙලා තියෙනවා. පසුගිය අඟහරුවාදා නිකුත් කරපු මේ ගේම් එක ලබා ගන්න call of duty රසිකයෝ පැය ගණන් වෙළදසැල් වලින් පිට ඉඳන් බලාගෙන ඉඳලා තියෙනවා. මීට පෙර නිකුත් කරපු දිනයේම වැඩිම අලෙවි වාර්තාව තියලා තිබුනේ පසුගිය අවුරුද්දෙ නිකුත් වුනු Grand Theft Auto IV ගේම් එක. ඒක නිකුත් කරපු දවසේම පිටපත් මිලියන 3.6 ක් ඩොලර් මිලියන 310 කට අලෙවි වෙලා තියෙනවා. call of duty Call of Duty Modern Warfare 2 පිටපතක මිල $ 60 ක් විතර වෙනවා. අපි නං ඉතින් සුපුරුදු පරිදි හොරකොපි sengihnampakgigi. හැබැයි multiplayer ලෙස ප්ලේ කරන්න නං නියම පිටපතක් සල්ලි දීලාම ගන්න වෙනවා.

Tuesday, November 10, 2009

Mobitel අල වීම හා ADSL පස්සේ යාම

කස්ටිය කෙහොමද ඉතින්....? දවස් 6 කට විතර පස්සෙ තමයි ආයෙත් පෝස්ට් එකක් දාන්න පුළුවන් වුනේ. මේ දවස් ටිකේම ලියන්න තරම් මූඩ් එකක් ති‍බ්බෙ නෑ. මොකද කිව්වොත් මේ දවස් වල නෙට් අල. මම පාවිච්චි කරන්නේ මොබිටෙල් සම්බන්ධතාවක්නේ. මීට මාස 3 -4 කට කලින් මමත් කිය කිය හි‍ටියේ Mobitel rocks කියලා. ඒත් දැන්නං තූ.. ගන්න දෙයක් නෑ marah. සමහර වෙලාවට Gmail වත් ලෝඩ් වෙන්නෙ නෑ. අනික දැන් අපි නෙට් එකත් එක්ක බැඳිලා වගේ. පාරක් හෙව්වත්, මොකක් හරි දෙයක් ගැන විස්තරයක් හෙව්වත්, මැප් එකක් බැලුවත්, සිංදුවක්, ‍ෆිල්ම් එකක් ගත්තත් නෙට් එකෙන්ම තමා හොයන්නේ. ඉතින් දවසින් දවස users ලා වැඩි වෙනකොට ISP ත් ඒ විදියටම තමන්ගේ capacity එක වැඩි නොකළාම මෙහෙම වෙන එක අමුතු දෙයක් නෙවේ.

ඊලඟට තියෙන අවසාන විසඳුම SLT adsl. නොදෝමකින් මුන් කස්ටමර්ලාට සලකන විදිය නං ඉතින් හොඳ වචන සෙට් එකක් දාලා කියන්න පුළුවන් marah. උන්ගේ ඇඟෙන් කෑල්ලක් ඉල්ලන්න ආවා වගේ කතා කරනනේ. මමත් ඉතින් දැන් කාලාන්තරයක් තිස්සේ Adsl ඉල්ල ඉල්ල පස්සෙන් යනවා. දුර වැඩි නිසා ගන්න බැරි වුනා. මෙන්න ගිය සතියේද කොහෙද අපේ ගෙදරට මීටර් 50 ක් විතර දුර තියෙන එකෙක් adsl අරන් soal. 8km දුර වුනත් ඌට අවුලක් නැතුව Adsl වැඩ. බට් ටිකක් slow වගේ. මේක දැකපුවාම මටත් ඉන්න බැරිවුනා. කොහොමද ගත්තේ කියලා ඌගේන් අහපුවාම කියනවා, ටෙලිකොම් එකේ වැඩකරන අඳුරන කෙනෙක් මාර්ගයෙන්ලු ගත්තේ. ඔන්න වැඩේ kenyit. මමත් ඉතින් ඌගෙන් නොම්බරේත් ඉල්ලාගෙන ආයෙත් ටෙලිකොම් එකට ගියා. ගිහිල්ලා අර යකාගේ නොම්මරෙත් ‍දීලා මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා ඇයි ම‍ට adsl දෙන්නෙ නැත්තේ කියලා ඇහැව්වා. සර් අපි ඉක්මනටම Adsl දෙන්නං කිව්වා. මමත් ආවා. පස්සේ ටෙක්කතා Google Group එකේ තිබුනු Usage Meter ගැන ප්‍රශ්නයක් දැකලා මමත් නිකමට මගේ Adsl පාස් එක Usage Meter එකට ගැහැවුවා. මෙන්න බඩු වැඩ senyum. Usage Meter එකේ සාමාන්‍ය Home පැකේජ් හිමියන්ට අදාල විස්තර වැටෙනවා. මට මගේ Adsl පාස් එක change කරන්නත් පුළුවන්. මම යාළුවෙකුගෙන් රවුටරයක් ඉල්ලාගෙන ගහලත් බැලුවා. No Adsl signal ලු. ඔන්න ආයෙත් ටෙලිකොම් එකට බඩගාලා මගේ adsl පාස් වැඩ කියලා කිව්වා. password වැඩ වුනාට adsl active නෑලු soal. ෂුවර් එකටම හෙට adsl දෙනවා කියලා එතන හිටපු අක්කා කෙනෙක් කිව්වා. මමත් රවුටරයකුත් අරන් ගෙදර ආවා. දැන් දවස් කීපයක්ම ගතවුනා තාමත් මම රවුටරේ ADSL හා internet කියන බල්බ් දෙක පත්තුවෙනකං ඇස්දෙක කඩාගෙන බලාගෙන ඉන්නවා nangih.

Adsl username & pass වැඩ නිසා මට බිල් වෙනවාද දන්නෙත් නෑ. හිටපන්කෝ බිල එන‍කන් හොඳවයින් එකක් කතා කරන්න.

Wednesday, November 4, 2009

විස්කි බෝතලය කොම්පියුටරයක් වීම

කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ ‍කොම්පියුටර් කේසින් මොඩ් කිරිම. මම නං කැමතිම විෂයක්. සරලව කිව්වොත් තමන්ගේ හිතට එන අදහස් වලට අනුව කොමිපියුටර් කේසින් එකට වද දීම. sengihnampakgigi සල්ලි තියෙනව නං විනෝදාංශය විදියට කරන්න පුළුවන්. ඉතින් ජංජාලයේ ඉන්නකොට අමුතුම ‍කොමිපියුටර් කේස් එකක් හම්බවුනා. කේසින් එක විස්කි ‍බෝතලයක්. සියළුම කොමිපියුටර් කෑලි ටික මේ විස්කි‍ බෝතලය ඇතුලේ තියෙනවා. P3 733MHz, 256MB ram, 40GB HDD එකක්. හැබැයි DVD ධාවකයක් නං නෑ. මොනව වුනත් අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. නිර්මාණගීලි බව උපරිමයි කියන්න පුළුවන්. ඒ නිසාම බ්ලොගයේ දාන්න හිතුවා. කොමිපියුටර් මොඩින් වලට කැමති නං මෙතක කොටන්න.




විස්තරය