About

Sunday, August 9, 2009

තමන්ගේ මැසිමට තමන්ගේ විස්තර දාමු

කස්ටිය කොහොමද ඉතින්...? අද ලියන දේ නං සමහරු දන්නවත් ඇති. නොදන්න පිරිස වෙනුවෙන් ලියන්නම්. කොම්පියුටරයක් ගත්තාම ඒක මිලදි ගත්ත කඩේ නම ගම විස්තර System Properties එකේ වැටිලා තියෙනවා දැකලා තියෙනවද? ලැප්ටොප් තියෙන කස්ටිය නං මේක අනිවාර්යයෙන් දැකලා ඇති. ඉතින් මේක කරන්නේ කොහොමද? කැමතිද තමන්ගේම ලෝගෝ එකක් හා විස්තර කොම්පියුටරේට දාගන්න? මෙන්න මෙහෙමයි කරන්නේ....Win XP, Vista හා 7 වලට පුළුවන්...

වින්ඩෝස් XP සදහා..

ඉස්සෙල්ලාම අපි අපේම ලෝගෝ එකක් හදාගන්න ඕනේ... ඒකට පේන්ට් යොදා ගන්න පුළුවන්. ඒත් වෙන කැමති Logo එකක් යොදාගන්නත් පුළුවන්. මේ Logo එකේ resolution එක 180 x 130 වගේ ගන්න පුළුවන්. එත් මිට වඩා ලොකු කරන්න එපා. (පේන්ට් වල Image සයිස් එක හදන්නේ Image > Attribute) ඊට පස්සේ මේ හදා ගත්ත ‍ඉමේජ් එක සේව් කරගන්න ඕනේ. සේව් කරනකොට File Name එක විදියට oemlogo.bmp දෙන්න. Save Type එක විදායට 256 colour Bitmap(*.bmp, *.dib) දෙන්න.

(ලොකු කරලා බලන්න)

(තාවකාලිකව ඩෙස්ක්ටොප් එකට save කරගන්න) දැන් තමන්ගේ විස්තර ටික දාලා පොඩි ෆයිල් එකක් හදාගන්න ඕනේ. මේකට Notepad ඕපන් කරලා පහත text ටික ටයිප් කරන්න. (‍කොපි කරලා පේස්ට් කරන්න)

[General]
Manufacturer= Thilina බුවා
Model= Thilina බුවාගේ මැසිම

[Support Information]
Line1 = Thilina Wijesooriya
Line2 = ගෙදර නොම්මරය
Line3 = ගම
Line4 = නගරය
Line5 =


(ලොකු කරලා බලන්න)


දැන් තමන්ගේ විස්තර ටික දාගන්න. මේකට සිංහල යුනිකොඩ් සපෝට් කරනවා. ඒත් සිංහල ටයිප් කරලා Save කරනව නං මතක ඇතුව Encoding එකට Unicode කියන එක select කරන්න. දැන් මේ හදා ගත්ත file එක සේව් කරන කොට Name එක විදියට oeminfo.ini හා save Type එක All Files යන්න දෙන්න. (ඩෙස්ක්ටොප් එකටම සේව් කරන්න). දැන් මේ හදාගත්ත oemlogo.bmp & oeminfo.ini ෆයිල් දෙක C:\WINDOWS\system32 එකට කොපිකරන්න. ‍දැන් refresh කරලා system properties බලන්න.

(ලොකු කරලා බලන්න)

වින්ඩෝස් Vista හා 7 සදහා


මේකෙදි නං ටිකක විතර වෙනස්. ඉස්සෙල්ලාම image ෆයිල් එක යම් තැනක සේව් කරගන්න (උදා : C:\oemlogo.bmp) වින්ඩෝස් Vista & 7 වලදි මේක කරන්න අපිට registry එකට යන්න වෙනවා. ඉතින් යමු. search box එකේ regedit කියලා කොටන්න



මේ පාත් එක ඕපන් කර ගන්න. HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ OEMInformation දැන් right click කරලා New > String Value select කරන්න. Name විදියට Manufacturer දෙන්න. දැන් Manufacturer එක right click කරලා Modify > Value data එක විදිට‍ කැමති නමක් දෙන්න.

(ලොකු කරලා බලන්න)

තව පාරක් New > String Value එකක් ගන්න නම විදියට Logo කියල දෙන්න. Value data එක විදියට තමන් හදපු ලෝගෝ එක සේව් කරපු තැන path එක දෙන්න (උදා : C:\oemlogo.bmp) දැන් සේරම close කරලා refresh පාරක් දාලා system properties බලන්න.

(ලොකු කරලා බලන්න)

ප්‍රශ්න තියෙනව නං අහන්න.

Thursday, August 6, 2009

පාසල් කාළේ...1

කස්ටිය කොහොමද ඉතින්...? මේදවස් වල ලියන්න දෙයක් හොයාගන්න නෑ. මොනව ලියන්නද මන්ද? ඒ නිසා ලියන්න අළුත් දෙයක් හොයා ගන්නකං මේකවත් ලියන්න හිතුවා. අපි හැමෝම වගේ අවු 13 ක් විතර ස්කෝලේ ගියානේ. ඒ දවස් වල නං ඉස්කෝලෙට යාම මරනව වගේ වැඩක්. ඒත් ඉස්කෝලෙන් අයින් වුනාම හිතෙනවා ‍ඉස්කෝලේ ගියපු කාළේ තරං සුන්දර කාලයක් තවත් නෑ කියලා. ඉතින් ඉස්කෝලෙ කරපු පිස්සු වැඩ, වීර වැඩ, හොර වැඩ, කොපි කරපුවා වගේ දේවල් ටිකක් වත් ලියන්න හිතුවා.

මේක වුනේ මම 11 වසරේ ඉන්නකොට. ඒ දවස් වල O/L නේ. ඉතින් හැම පිරි‍යඩ් එකකම වගේ උගන්නනවා. අන්තිම පිරියඩ් එකේ තිබුණේ ගණන් වල කවකටු වලින් නිරිමාණ කරන පාඩමක්. ඒ නිසා හැම එකාගේ අතේම වගේ කවකට්ටක් තිබ්බා. ඔන්න ඉස්කෝලේ ඉවරවෙන්න බෙල් හැගැව්වා. පස්සේ සේරම පොත් ටික අකුලලා බෑග් එකට දාගත්තා. සර් කාරයත් ගියා. දැන් ඔන්න ස්පිකර් වලින් ගාථා කියන්න පටන් ගත්තා. දැන් ළමයි කස්ටියත් ගාථා කියනවා. මේ අස්සේ එකෙක් කවකට්ටක් අරන් උගේ ළග ඉන්න එවුන්ට ඒකෙන් ඇන ඇන මෝඩ චූන් ගන්නවාgigil. ඔන්න දැන් මූ මගේ පිටටත් ඇන්නා. මම අඩි 3 -4 ක් ඉස්සරහට ගියා. අප්පටසිරි එතකොටම ගණන් සර් කාරයා ආයෙත් පන්තියට ආවාsedih. දැන් සර් කාරයා මාව දක්කා. සර් හිතුවේ මම ගාථා කියන් නැතුව ඇවිදිනවා කියලයි. ඒත් සර් කාරයා සද්ද නැතුව මං දිහා බලාගෙ හිටියා. පස්සේ ගාථා කියලා ඉවර වුනා. සර් කාරයා මට කතා කරලා පන්තිය ඉස්සරහට අරන් ආයෙත් මුල ඉදන් තනියෙන් ගාථා ටික කියන්න කිව්වාgile. බුදු ආතල්... දැන් මට කවකට්ටෙන් ඇනපු එකා අතින් කියනවා ඌ ඇන්නා කියල කියන්න එපා කියලා. ඔය අස්සෙ පන්තියෙ ළමයි ටිකත් පන්තියෙන් එළියට ගියා මමත් ඉතින් මොනව කොරන්නද? පන්තියෙ තනියෙන්ම හිටගෙන මුල ඉදන්ම ගාථා ටික කිව්වාhah. පන්තිය ළගින් යන අනෙක් පන්ති වල වුන්ටත් මාර ආතල්.

ඔන්න ඉස්සෙල්ලාම ලිව්වෙ ඉස්කෝලෙදි කාපු චාටර් එකක්. මේ වගේ අත්දැකිම් කස්ටියටත් තියෙනව නං තමන්ගේ බ්ලොගයෙ ලියල දාන්න තවත් එකක් තව ටික දවසකින් ලියන්නම්....

Sunday, August 2, 2009

කොම්පියුටරය සහ මගේ ඇස්

මට කොම්පියුටරයක් ලැබිලා වැඩි කාලයක් නෑ. ඒත් ඒ කාලේ ඇතුළත මගේ ඇස්වලට ලොකු බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. මම උදේ නැගිට්ට ගමන් මූණ එහෙම හෝදලා කරන පළවෙනි වැඩේ තමයි(ගෙදර ඉන්න දවස් වලට) මේ මැසිම දාගන්න එක. උදේ කෝපි එකත් මැසිම ඉස්සරහම බිලා දානවා (ආ..... මම කිරි බොන්නෑනේ..., බබාලනේ කිරි බොන්නේ...sengihnampakgigi) ඊට පස්සේ අම්මා ‍ කෑගහනකොට කෑම එක මැසිම ගාවට අරන් ඇවිල්ලා මැසිමෙ මොකක් හරි ෆිල්ම් එකක් බලන ගමන් කෑම එක කනවා. කාලා පැය කාලක් බාගයක් ගියාට පස්සේ නැගිටලා ගිහිල්ලා වතුර බොනවා. උදේ වෙලාවම මැසිමෙන් ඇහැ අයින් වෙන්නෑ. දවල්ට, රෑට බත් කන්නෙත් මැසිම ඉස්සරහ ඉදගෙනම තමාsengihnampakgigi. මේක කියවන කිදෙනක් මෙහෙම කරනව ඇත්ද?

මේ ළගදි මිගමුවෙ වෛද්‍ය ප්‍රදර්ශනයක් තිබ්බනේ මමත් ඉතින් ඕකට ගියා. ඇස් චෙක්කරන තැනකුත් තිබ්බා. පොඩි දොස්තර කොල්ලෙකුත් හිටියාsengihnampakgigi. දොස්තරයා මට බෝඩ් එකක් පෙන්නලා කිව්වා ඒකේ තියෙන අකුරු ටික කියවන්න කියලා. අප්පටසිරි මෙලෝම දෙයක් පේන්නෑ. බොහොම අමාරුවෙන් පළවෙනි පේළි 3-4 කියෙව්වා. පේළි 8 ද කොහොද තිබ්බා. ඒවෙලාවෙම දොස්තරයා ඇහුවා කොම්පියුටර් වැඩද කරන්නේ කියලා මම ඔව් කිව්වා. පස්සේ දොස්තර හෙන උ‍පදෙස් තොගයක් දුන්නා. ඉස්පිරිතාලෙට එන්න කියලා කොළේකුත් දුන්නා. මිනිහා කියන විදියට කොම්පියුටරේක වැඩ කරනකොට ඇස් වලට පැයකට විනාඩි 5 - 10 ක් වත් රෙස්ට් දෙන්න ඕනෙලු. අනික CRT මොනිටර් ඇස් වලට එච්චර හොදත් නෑලු (ෆ්ලැට් එක වුනත්) විකිරණ අනං මනං එනවලු. CRT පාවිච්චි කරනවනං screen filter එකක් වත් දාලා පාවිච්චි කරන්නලු. LCD මොනිටර් වලින් විකිරණ එන්නැති වනාට. පැයකට අඩුම වශයෙන් විනාඩි 5 ක් වත් මොනිටරයෙන් ඇස් අයින් කරන්නලු. තව ටික දවසක් මෙහෙම්මම හිටියොත් කදුළු එන එකත් අඩු වෙලා ඇස් වේලෙන්න ගනියි කියලා දොස්තරයා කිව්වා කණ්නාඩි දෙකක් ගන්නත් කිව්වා. ඒත් දොස්තර කොච්චර උපදෙස් දුන්නත් තාම මම වෙනස් වුනේ නෑ. ඇස් චෙක් කරන්න ගියෙත් නෑ. කණ්නාඩි ගන්න ගියෙත් නෑ. පැයකට විනාඩි 5 ක් මොනිටරයෙන් ඇස් අයින් කරන්නෙත් නෑ. හෆෝයි මගේ ඇස් වලට දෙවි පිහිටයි. මගේ ඇස් පෙනිම කොච්චර පහළින්ද තියෙන්නෙ කිව්වොත් බස් එකේ බොඩ් එක බස් එක ළගටම එනකං පේන්නෑrindu. ඔහොම එක දවසක් වැරදි බස් එකකට අත දාලා අන්තිම මට ඒකට නගින්න වුනාsenyum. දැන් නම් මට ඇස් දෙක චෙක්කරගන්න යන්නම වෙනවා. ඉතින් කස්ටියත් දවස තිස්සෙම කොම්පියුටර් වල වැඩ කරනව නං පොඩ්ඩක් තමන්ගේ ඇස් දෙක ගැන සැලකිලිමත් වෙන්න.

Saturday, August 1, 2009

ඔබ Download කළේ නියම Windows 7 ISO Image එකක්ද?

කස්ටිය කොහොමද ඉතින්...? දැන් නං ලියන්න දේවල් නෑ. දන්න කියන දේවල් ලියලා ඉවරයි. අළුත් දේවල් හොයාගෙන යන්න වෙනව. මේකනං සමහර කස්ටිය දන්නවත් ඇති. දැන් ටික කාලෙකට කලින් Windows 7 Beta, Windows 7 RC ආවනේ. කස්ටියත් ආපු ගමන් බෑවා. Microsoft සයිට් එකෙන් බාන්න කියල තමයි කිව්වෙ. ඒත් ගොඩක් අය බෑ‍වේ Microsoft එකෙන් නෙවේ, ටොරන්ට් වලින්. මමත් බෑවේ ටොරන්ට් වලින් තමාsengihnampakgigi. ටෙක් කතා වලත් කියනවානේ වින්ඩෝස් හොර කොපිය වුනත් ටොරන්ට් වලින් බාන්න එපා කියලාsengihnampakgigi. ඒත් කස්ටිය ලේසියට ටොරන්ට් එකක් අල්ලගන්නවා. දැන් මේ ටොරන්ට් වලින් බාපු Win 7 ISO ඉමේජ් එකේ මොන මොන වයිරස් කෑලි තියෙනවද කියල කවුද දන්නේ...? ජංජාලේ ඉන්නකොට මට පොඩි ටූල් එකක් හම්බවුනා Windows 7 ISO එක ඔරිජිනල් එකක්ද කියලා හොයල බලන්න මේ ටූල් එකට පුළුවන්.




මේකයි ටූල් එක Windows 7 ISO Verifier. Windows 7 Beta, RC 32/64 bit වලට සපෝට් කරනවා. ඉතින් කස්ටියත් තමන් දාගෙන ඉන්න Win 7 වල ISO ඉමේජ් එක මගදි හැකර් කෙනෙක් වෙනස් කරලද කියල පොඩ්ඩක් හොයල බලන්න. ටූල් එක රන් කරලා 7 ISO එක browse කරන්න එච්චරයි.

වැඩි විස්තර