කස්ටිය කොහොමද ඉතින්. ලියන්න විශේෂ දේකුත් නෑ. මේ දවස් වල වුනු දේවල් ටිකක් ලියන්නම්. මේක ටෙලිකොම් කතාවක් මම ADSL ගන්න ෆෝම් එකක් දුන්නනේ, ඒත් සති දෙකක් ගියත් මුං කිසිම සද්දයක් නැති නිසා මම ගිහිල්ලා SLT එකට කිව්වා. ඊලග දවසේ SLT එකෙන් කතා කරල කියනවා සෑර්, සෑර්ලගේ ගෙදරට දුර වැඩියි ඒනිසා සිග්නල් නෑ ADSL දෙන්න විදියක් නෑ. ඒත් speed එක අඩු වුනාට ප්රශ්නයක් නෑ කියල සර් ලිවුමක් දෙනවා නම් අපි ලයින් එක දෙන්නම් කියලා. මේක ගම්දෝ නොගම්දෝ

මොනව කොරන්නද මන්ද. ප්රශ්නේ ටෙක්කතා අයියලට කිව්වා. ඒත් කස්ටිය ඊයෙ පොලු තිබ්බනේ.
***
හෆෝයි... මේ ලගදි මට මාර වැඩක් වුනානේ. මම ගමනක් යන්න හොදට ඇදගෙන බස් හොල්ට් එකට ගියා. බස් එක ආවා මම බස් එකට නැග්ගා. බස් එකට නගිනකොටයි මම දැක්කේ මගේ කලිසමේ සිප් එක ඇරලා

. හෆෝයි මොනව කොරන්නද? බස් එකේ ගෑණු කස්ටිය ගොඩක් ඉන්නව. සේරමල වගේ ඉදගෙන තමයි හිටියේ. හොද වෙලාවට මටත් ඉදගන්න සිට් එකක් ලැබුණා. ඒත් එහා පැත්තේ ඉන්නේ ටිකක් වයසක ගෑණු කෙනෙක්. වෙලාව කියන්නේ මම එදා බෑග් එකක් අරගෙන ගියා. මම මොකෑ කළේ බෑග් එක උඩ්න් තියාගෙන බෑග් එක යටින් අත දාල අමාරුවෙන් සිප් එක දාගත්තා. හෆෝයි මීට පස්සේ ගෙදරින් එළියට බහිනකොට සිප් එක දාලද කියල හොදට චෙක් කරන්න ඕනේ

.
***
මීට ටික දවසකට කලින් මට පාරේ පාන් බෙදන අක්කල කස්ටියක් හම්බවුනානේ. ලස්සනට පාන් පෙත් 4 ක් විතර පැක් කරලා පාර මැද පාන් බෙදනව. පාන් පැකට් එකක් ගන්න මට බයික් එකේ ක්ලච් එක අත ඇරගන්න බැරි වුනානේ. බයික් එක නිවුටල් කිරීම හරි අමාරු වැඩක්. මොනව වුනත් ලස්සන අක්කලා ටිකක්. මීට කලින් දවස් වල වත්තලයි මහාබාගෙයි මේ කස්ටියම පාන් බෙද බෙද හිටිය කියල දැනගන්න ලැබුණා. මම මේ අයව දැක්කේ ජා ඇල දි. ඇයි මම ක්ලච් එකක් තියෙන බයික් එකක් ගත්තේ?

***
මේ දවස් වල මම උබුන්ටු වල අනංමනං කරනවා. වින්ඩෝස් එක්ක ඩුවල් බූට් කරන් ගිහිල්ලා පොඩ්ඩක් චොර වුනා. පස්සේ VM ware වලින් අත්හදා බලන්න තීරණය කළා. පස්සේ ඩුවල් බූට් ගැන A - Z ලිපියක් හොයාගත්තා. එක එක විදියට වින්ඩෝස්, උබුන්ටු ඉන්ස්ටෝල් කරන විදිය තියෙනවා. මෙන්න
මෙතන ඒක තියෙනවා ඕන කස්ටිය බලන්න.