කස්ටිය කොහොමද ඉතින්..? ඕං මාස දෙකකට පස්සේ බුවා නැවතත් බ්ලොග්කරණයේ
. දන්නෙම නැතුම මම බ්ලොග් ලියන්න අරන් අවුරුදු 2 කුත් ගිහිල්ලා. අද කියන්නේ Video card එකට දසවද දීම ගැන. මීට අවුරුදු 1 1/2 කට විතර කලින් මාත් පෙරුම්පුරලා ගත්තනේ VGA card එකක්
. ඕක දැන් ටික දවසක ඉඳලා (ටික දවසක් කියන්නේ හෙන කල් ඈ...
) හෙන අප්සැට් විදියට තමා වැඩ කරන්නේ. ඒකියන්නේ මැසිම ටික වෙලවක් දාගෙන ඉන්නකොට Display නැතුව යනවා. BSOD එනවා, සමහර වෙලාවට මැසිම boot වෙන්නේ නෑ, වැඩ ගොඩයි
. අන්තිමට boot up screen එකේ ඉඳලම එක එක පාට පාට අකුරු ඉලක්කම් ඉරිකෑලි වගේ ඒවා වැටිලා තිබිලා Windows boot වෙද්දිම මැසිම restart වෙන්න පටන්ගත්තා. මම දලා තිබුණු Mac OS එකටත් මේ සෙතේම තමා. Mac OS boot වෙන්නෙත් නෑ. මාත් VGA card එක පැත්තකට දාලා Onboard VGA වලින් වැඩ කලා.




ඊයේ ඕං මේක ඇදලා එළියට අරන් Google එකේ Search කරලා බැලුවා. card එකේ cooling system එක අල වුනාමත් ඔහොම වෙනවා කියලා සයිට් එකක තිබ්බා. මාත් heat sink එක ගලවලා ඒක සුද්ද කරලා අළුතෙන් heat sink compound දාලා බැලුවා. වැඩක් නෑ



පොතේ හැටියට කාඩ් එකේ heat sink එක ගලවලා කලින්ම 375° - 390 °F (~200°C) වලට රත් කරපු අවන් එකක විනාඩි 5 - 10 ක් දාලා තිබ්බාම වැඩේ හරි. හැබැයි අවන් එකේ කොහේවත් නොගෑවෙන විදියට, තමා කාඩ් එක තියන්න ඕනේ. කාඩ් එක අවන් එකේ නොගෑවෙන්න තියන්න කෑම ඔතන අළුමේනියම් කොළ වලින් හදාගත්ත බෝල 4 ක් තමා පාවිච්චි කරන්නේ.

ඒත් මොන හිතකින් මේක අවන් එකකට දාලා පුච්චන්ද? වැඩේට කලින් test පාරක් දාන්න පරණ dialup modem එකක් හොයලා අරන් අවන් එක 190 °C කට විතර රත් කරලා විනාඩි පහක් දාලා තිබ්බා. ඒත් වෙනසක් නෑ. (මගේ කැමරාව පාපමිත්රයෙක් ගෙනගොස් ඇති නිසා පින්තූර ගැනීමට විදියක් තිබුණේ නැත


ඉස්සෙල්ලා startup screen එකේ ඉඳලාම වැටුනු එක එක විකාර අකුරු වෙනුවට screen එකේ ඉරි කීපයක් යන්න ගත්තා. කොහොම හරි restart හෝ BSOD නොවී Windows වලට boot වුනා


ඉතින් දෙපාරක්ම bake කළත් මේ bake කිරිල්ල නං මට 100% ක් වැඩ කළේ නෑ. ඒත් අසාර්ථකත් නෑ. සාර්ථක වීම හෝ නොවීම තියෙන්නේ වාසනාව මත කියලා තමයි නෙට් එකේ තියෙන්නේ. කස්ටියගෙත් පරණ වැඩ නොකරන Motherboards, VGA cards තියෙනව නං මේ විදියට ට්රයි කරලා බලන්න. සමහර විට වැඩ කරයි. ඒත් කරන්න කලින් තව නෙට් එකේ හොයලා බලන්න. අනික මම නං පිච්චුනු කරවුනු අඟුරු වුනු උපාංග වලට වග කියනු නොලැබේ
