කස්ටිය කොහොමද ඉතින්..? සෑහෙන දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ...
කස්ටියට මාව මතකද මන්දා?
පහුගිය බ්ලොග් මැරතන් එකෙන් පස්සේ කිසිම දෙයක් ලියන්න බැරිවුනා. මැරතන් එකත් හරියටම ලියන්න බැරිවුනා. ඊලඟ පාරනං මැරතන් එකට සූදානං ශරීරෙන් එන්න ඕනේ. මැරතන් දුවන එකත් ලේසි දෙයක් නෙවේ.. හරි ඒ කතා ඉවරයි.


දන්නවනේ මං ඇවිල්ලා බයික් පිස්සා නෙවැ..





මෙච්චර කල් තිබුණු Pulsar බයික් වල එකම පෙනුම වෙනුවට මේක ටිකක් වෙනස් විදියකට හදලා තියෙනවා. ඒත් මේ අළුත් පෙනුම සමහර අයට නං එච්චරම අල්ලන්නේ නෑ. මට නං අවුලක් නෑ. ඒත් මාත් එක්ක ගිය අනෙක් එකාට නං බයික් එකේ අළුත් පෙනුම අල්ලන්නේ නෑ.. engine එක බැලුවොත් 220cc 4-stroke single cylinder, 5 speed gearbox එකකින් සමන්විත Air & Oil cooled engine එකක් තමයි මේ බයික් එකට තියෙන්නේ. ඉන්දියවේ නිෂ්පාදිත වේගවත්ම බයික් එකත් මේ Pulsar 220.

තවත් විශේෂාංග විදියට තියෙන්නේ ඉදිරිපස හා පිටුපස Dics brakes, MRF Tubeless tires, Digital speedometer, Nitrox shocks වගේ දේවල් තමා. ඉතින් සේල්ස් බුවා ඔය විස්තර ටික එහෙම කිව්වට පස්සේ මම නිකමට වගේ ගාන ඇහුවා. වැඩිය නෑ රු 267400/- වගේ ගානක් කියනවා හීනෙන් වගේ ඇහුනා


කියන්න අමතක වුනානේ මීට ටික දවසකට කලින් Discover 100cc බයික් එකකුත් ආවනේ. ඒක නං මහ චාටර් බයික් එකක්. ඒත් ගියර් 5ක් තියෙනවා. ඒක ගැනත් විස්තර ඕනේ නං මෙතනට යන්න.
පින්තූර නං ගත්තේ මෙතනින්