About

Saturday, August 29, 2009

ලැපකට ගිය කලක්...

කස්ටිය කොහොමද ඉතින්...? මේ දවස් ටිකේම මම ලිව්වේ අළුත්න් ‍ආපු ගැජට් කෑලි ගැන. මෙන්න තවත් අළුත්ම ගැජට් එකක්. අපි දන්න විදියට ලැප්ටොප් එකකට තියෙන්නෙ එක ස්ක්‍රීන් එකයි. මෙන්න දැන් ඒ එක ස්ක්‍රීන් එක මදි වෙලා Dual screen ලැප්ටොප් හදලත් ඉවරයි. හෆෝයි... යස අගේට තිබ්බ ලැප්ටොප් එකකට ගිය කලක්...? hah මේක ඇවිල්ලා Gscreen Spacebook. මාස කීපයකට උඩදි විජය පරිගණක සගරාවෙත් අනාගතයේ ලැප්ටොප් කියලා මෙහෙම ලැපක පින්තූරයක් දාලා තිබ්බා මතකයි. අනාගතය අදයි කියන්නේ මේකට තමයි jelir. මේ ලැප්ටොප් එක අගල් 13, 14, 15, 16, 17 යන සයිස් වලින් ලබා ගන්න පුළුවන්. specifications බැලුවොත් C2D P8400 @ 2.26GHz, 4GB DDR2 Ram, 320GB HDD, NVIDIA GeForce 9800M GT හෝ NVIDIA Quadro FX 1700M Graphics, OS එක නං XP, Vista or 7 ජනේලයක් තමා.




මල්ටිමීඩියා වැඩ වල‍ට, ගේමින් වලට වලට නං හොදා. මේකේ බැටරිය 6 හෝ 9 cell බැටරියක් වෙයි. ඒත් ඒ බැටරියෙන් මේක පැය 1/2ක් වත් දුවයිද කියන එක මට නං සැකයි. මේ සේරමත් සමග මේ අවුරුද්ද ඉවර වෙන්න කළින් මේක මිලදි ගන්නත් පුළුවන්ලු ගාන නං $3000 ක් විතර වෙයිලු. කවුරු මේ ලොරි ලැප්ටොප් එක ගනියිද මන්ද?sengihnampakgigi මේක ගන්නවා නං මොබයිල් ජෙනරේටරයකුත් ගන්න.

පින්තූර හා විස්තර

Tuesday, August 25, 2009

Nokia නොකියාම කොම්පියුටර් හදයි...


කස්ටිය කොහොමද ඉතින්...? දන්නවනේ නොකියා කිව්වොත් ඉතින් mobile phone ලෝකයක්නේ. ඒත් SE කාරයිට නං Nokia පෙන්නන් බෑsengihnampakgigi. හික් මම නං ඈත අතීතයේ සිට පාවිච්චි කරන්නේ Nokia තමා.senyum දැන් මාතෘකාවට එමුකෝ. මීට ටික කාලෙකට ඉස්සෙල්ලා Netbook කියලා කොම්පියුටර් වර්ගයක් ආවනේ. ඔය PDF බලන්න, නෙට් යන්න වගේ වැඩ වලට තමයි ගැලපුනේ. දැන් මෙන්න Nokia ත් මේ Netbook හදන්න පටන් අරන් ඉවරයි. මේක ඇවිල්ලා තාම වෙළදපොළට නිකුත් කරලා නෑලු. Intel Atom N280 Processor එකක් සහිත මෙම Netbook එකේ අගල් 10.1 ක තිරයක් තියෙනවා. තව සාමාන්‍ය netbook එකක මෙන් Wi-Fi, USB, Bluetooth, Webcam, SD card reader ආදි පහසුකම් තිබෙනවා. වැදගත් වන්නේ අනෙක් Netbook වල නැති SIM card slot එකක් මෙහි තිබීමයි. මෙම Netbook එක HSDPA සපෝට් කරන නිසා සිම් කාඩ් එකක් ඇතුළු කළ පසු අන්තර්ජාල සම්බන්ධතාව ලබා ගන්න පුළුවන්. ලංකාවට නං මේ නෙට්බුක් එක එළටම ගැලපෙයි. මොකද නිකං දෙන සිම් එකක් අරන් පහසුවෙන්ම නෙට් ලබාගත හැකි නිසා. මෙයට GPS පහසුකමත් ලබා ගැනීමට පුළුවන්. 720p HD වීඩියෝ ප්ලේ කිරීම සදහා nvidia GN40 chip එකක්ද අඩංගුයි. HDMI පෝට් එකක්ද ඇත. මේ පහසුකම් නිසා සාමාන්‍ය නෙට් බුක් එකකට වඩා කැපී පෙනෙයි. මේ සියළු දේම සමග මෙහි පැය 12 ක බැටරි ආයු කාලයකුත් ති‍බෙනවා. දවසක්ම වැඩ කිරීමට හොදටම ප්‍රමාණවත්.

පින්තූර සමග විස්තර මෙතනින්

Saturday, August 22, 2009

ඔරලෝසුවෙත් phone එකක් ???

කස්ටිය කොහොමද ඉතින්..? මේ කාලේ හැමෝටම ෆෝන් එකක් තියෙනවනේ. දැන් මෙන්න ඔරලෝසු වලත් ෆෝන් තියෙනවලු. ෆෝන් එක ගඩොල් භාගයක් වෙච්ච කස්ටියට හොද ආරංචියක්senyum. LG සමාගම තමයි මේ ඔරලෝසු ෆෝන් එක නිපදවල තියෙන්නේ. මේ අගෝස්තු 27 වෙනිදා LG සමාගම orange සමාගම සමග එකතු වෙලා මෙම ඔරලෝසු ෆෝනය නිකුත් කිරීමට නියමිතයි. මේක ඇවිල්ලා කොච්චර පොඩ් වුනත් දැනට තියෙන සුපිරි ජංගම දුරකථනයක පහසුකම් තියෙනවා. touchscreen, 3.5G HSDPA, VGA Camera, Bluetooth, Video calls ආදි අවශ්‍ය කරන සියළුම පහසුකම් තියෙනවා. (ම‍ට දැනට තියෙන සුපිරි ජංගමයේත් මෙච්චර පහසුකම් නෑsengihnampakgigi) මේකෙ මොඩ්ල් එක LG GD910.





මේකේ ගාණ නම් තිරණය වෙලා තියෙන්නේ $ 800 - 1200 වැනි මුදලකට උපකරණයේ හැටියට ගාණ අවුලක් නැති බවයි පේන්නේjelir.

පින්තූර හා විස්තර මෙතනින්

Wednesday, August 19, 2009

Free File Hosting සේවා කීපයක්

කස්ටිය කොහොමද ඉතින්..? මේ දවස් වල මොනවද නිවුස්? ආ.. දැන් අපිට පැරණි සිංහල සිංදු ෆෝරම් එකක් තියෙනවනේ.  senyum. සිංහල ගී කෙම්බිම තමයි නම http://sinhalasindu.forumotion.com/ වලින් කස්ටියටත් සම්බන්ධ වෙන්න පුළුවන්. තමන් ලග පැරණි සිංහල සිංදු තියෙනව නං මේ ෆෝරම් එකට අප්ලෝඩ් කරන්න. ඒත් ඉස්සෙල්ලාම ඇඩ්මින්ගේ නිවේදනය කියවන්න කියලා ඉල්ලා සිටින්න ඕනේ.  ඔය රැප් කෑලි අනං මනං සිංදු නං අප්ලෝඩ් කරන්න එපා කියලා ඉල්ලා සිටින්න ඕනේtakbole.

ඔන්න දැන් තමයි මාතෘකාවට එන්නේ. දැන් මේකට සිංදු දාන්න. ස්පේස් එකක් ඕනේනෙ. ඒ සදහා Free File Hosting කරන වෙබ් සයිට් පාවිච්චි කරන්න පුළුවන්. සිංදු විතරක් නෙවේ. තමන්ගේ පුද්ගලික ෆයිල්, CV එහෙම මේ Free File Hosting සයිට් වලට දාලා තිබ්බොත් තමන්ට අවශ්‍ය වෙලාවට ලෝකයේ ඕනෙම තැනකින් එළියට ගන්න පුළුවන්. ඒකට ප්‍රයෝජනවත් වෙන Free File Hosting Services ලෝකයේ ඕනෑ තරං තියෙනවා. සමහර සයිට් වල Unlimited space එකක් දෙනවා (Unlimited කිව්වට ඒ ගැන වෙනමම කතා කළ යුතුයි - හරියට Dialog Brodband වගේ jelir) සමහර සයිට් limited space ද ලබා දෙනවා. මට හිතට අල්ලලා ගිය Free File Hosting සයිට් කීපයක් තමයි මේ.

4shared
කවුරුත් දන්න සයිට් එකක්. ලෝකයේ බොහො දෙනෙක් භාවිතා කරනවා. 5GB Free space ලබා දෙන අතර Direct link ලබා නොදේ. download resume කිරිමටද හැකියාවක් නැත. උපරිම අප්ලෝඩ් කළ හැකි ෆයිල් සයිස් එක 100MB යි. තරමක් කුඩා ෆයිල් වලට හොදින්ම ගැලපෙයි

FileDen
මෙහි 1GB ක ඉඩක් ලබා දෙනවා. මාසයකට 5GB ක bandwidth එකක්ද ලබා දෙනවා. directlink ලබා දෙන අතර එක වරකදි උපරිම 50MB ක් අප්ලෝඩ් කළ හැකිය. බ්ලොග් වලට දමන ඉමේජ් සදහා වඩාත් සුදුසුයි.

Mediafire
Free account වෙනුවෙන් අන්ලිමිටඩ් Space එකක් සපයයන අතර Unlimited bandwidth ද සපයයි. වරකට 100MB ෆයිල් අප්ලෝඩ් කළ හැකිය. තරමක් විශාල ෆයිල් සදහා ගැලපේ. sinhalasindu ෆෝරම් එකට සිංදු අප්ලෝඩ් කරීමට හොදින්ම ගැලපේ.

FileFront
Unlimited ස්පේස් එකක් සපයන අතර. 600 MB ක ෆයිල් එක වර අප්ලෝඩ් කළ හැක. වඩා විශාල ෆයිල් සදහා ගැලපේ. Unlimited bandwidth ද සපයයි. directlink නැත.

Turbo upload
5GB ස්පේස් එකක් නොම්ලයේ සපයන අතර 500MB ක ෆයිල් එක වර අප්ලෝඩ් කළ හැකිය. දින 3 කට 3000MB ක Bandwidth ද ලබා දේ. resume සපෝට් කරන්නේ නැත. Premium accounts සදහා 50GB ක ඉඩක් ලබා දේ.

ImageShack
5GB ක ඉඩක් නොමිලේ ලබා දේ. මෙහි වඩාත්ම ප්‍රයෝජනවත් සේවාව වන්නේ, ටොරන්ට් download කිරිමට ඇති හැකියාවයි. ටොරන්ට් address එක ImageShack වෙතට ලබා දුන් විට, ටොරන්ට් සයිට් එකේ සිට ImageShack වෙත download වීම සිදු වේ. පසුව අපිට ඒ download වු ෆයිල් එක ලබා ගැනීමට හැකිය.

Skydrive
Microsoft මගින් ලබා දෙන ‍Free File Hosting සේවාවකි. 25GB ස්පේස් එකක් සපයයි. එකවර 50MB ක ෆයිල් upload කළ හැක. Unlimited bandwidth ලබා හා directlink ලබා ගත හැකිය. අවශ්‍ය වන්නේ hotmail/live ලිපිනයක් පමණි.

මෙතන තියෙන්නේ ජංජාලයේ තිබෙන ‍Free File Hosting වලින් ඉතාම සුළු ගණනකි. මීට වඩා පහසුකම් සහිත සේවා ඕනෑ තරම් ති‍බේ. ජංජාලයේ සයිට් වල පහසුකම් සසදා බලා තමන්ට ගැලපෙන සේවා සපයන්නා තෝරා ගත යුතුය. මේ ලිස්ට් එකෙන් තවත් බොහෝ Free File Hosting සයිට් හා විස්තර සොයා ගත හැකියි

Monday, August 17, 2009

Compatible with Windows 7 ලෝගෝව

කස්‍ටිය කොහොමද ඉතින්...? මේ නිවුස් එක නං ටිකක් පරණයි. ඒත් ඉතින් ලියන්නත් දෙයක නැති ‍එකේ මේකවත් ලියන්න හිතුවා. මේදවස් වල ලැපක් හරි ‍වෙන මොනව හරි Hardware එකක් ගත්තොත් ඒකේ Compatible with Win Vista හෝ Certified for Win Vista කියල ලෝගෝ එකක් අලවල තියෙනව දැකලා තියෙනවද? ඒ කියන්නේ ඒ ලෝගෝ එක අලවල තියෙන භාණ්ඩය Win Vista එක්ක වැඩ කරනවා කියෙන එකනේ... :) ඉතින් ඕක නෙවේ නිවුස් එක දැන් වින්ඩෝස් 7 එනවලුනේ ඒකටත් තියෙනවා මෙහෙම Compatible කියලා ලෝගෝ එකක්. මේ තියෙන්නේ ඒක.




Hardware නිපදවන සමාගම Hardware එක හදලා WHQL එකට දුන්නම Microsoft එකෙන් ඒ Hardware එක චෙක් කරලා තමයි මේ Compatible Certified ලෝගෝ එක නිකුත් කරන්නේ. (මේක Hardware වලට විතරක් නෙවේ Software වලටත් අදාලයි. - මෙතන කොටලා Compatibiliti Center එකට යන්න) මේ ලෝගෝ එක ගහල තියෙන Hardware එකක් හොදින්ම Windows සමග වැඩ කරනවා. ඉතින් ඉදිරියේදි නිකුත් වන Harware හා Laptop/Desktop කොම්පියුටර් වල මේ ලෝගෝව දකින්නට ලැ‍බෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැනටමත් මේ ‍ලෝ‍ගෝව සහිත Hardware නිකුත් වී අවසානයි.



Friday, August 14, 2009

LCD මොනිටර් පිරිසිදු කරමු


කස්ටිය කොහොමද ඉතින්...? කොම්පියුටරයක් තියෙන හැමෝටම ඉතින් මොනිටරේකුත් තියෙනවානේ. හික් හික්... sengihnampakgigi ඒත් ඉතින් සමහර වුන්ගේ මොනිටර් දැක්කොත් බල්ලො බත් කන්නෙත් නෑsengihnampakgigi. ඒ තරමට ජරා වෙලා. මකුළු දැල් බැදලා දූවිලි බැදිලා ස්ටිකර් අලවලා. ඒත් වුන්ට ගානක් නෑ, රෑප ටික පේනවනං ඒ ඇති. මේ මොන බයිලා කිව්වත් මගේ මොනිටරෙත් ඔහොම තමා :P. දූවිලි බැදිලා ගන්න දෙයක් නෑ. ඉතින් මේ මොනිට‍රෙන්නේ අපි ලෝකය දකින්නේ.. ඒනිසා මොනිටරේ පිරිසිදුව තියා ගන්නේ කොහොමද කියලා බලමු. දැන් ගොඩක් කස්ටියට තියෙන්නේ LCD මොනිටර් නිසා ඒ ගැන බලමු. මේ LCD මොනිටර් සුද්ධ කරන්න ඒ සදහා වෙනමම හදපු liquid තියෙනවා. මම ඒවා ගැන කතා කරන්නෑ. ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා මොනිටරේ සුද්ද කරන විදිය තමයි මේ තියෙන්නේ...

ඉස්සෙල්ලාම මොනිටරේට සම්බන්ධ කරලා තියෙන සේරම වයර් ටික (VGA/DVI, Power, Audio) ගලවලා අයින් කරලා, මොනිටරේ වෙන ඉඩ තියෙන තැනනට ගෙනියන්න.

දෙවනියට මේක සුද්ධ කරන්න හොද රෙදි කෑල්ලක් හොයා ගන්න ඕනේ. සිනිදු කපු රෙදි කෑල්ලක් තමා හොද. නැත්නං පරණ බැනියමක් හොයා ගන්න.

ඊට පස්සේ මොනව හරි ගාලා මේක සුද්ධ කරන්න ඕනේ. ඒකට හොදම දේ තමයි වතුර. සමහර කස්ටිය මේකට alcohol, ඕඩික්ලෝන් වගේ එව්වා ගන්නවා. ඒක එච්චරම හොද වැඩක් නං නෙවේ.

දැන් මොනිටරේ බැදලා තියෙන මකුළු දැල් ටික කඩලා දාලා හොයා ගත්ත සිනිදු කපු රෙදි කෑල්ල වතුරෙන් පොගවලා හොදට මිරිකා ගන්න. වතුර බිංදු බිංදු ‍වැටෙන්න නැති වෙන්නම මිරිකා ගන්න.

දැන් හොදට screen එක පිහලා දාන්න. වැඩිය තද කරලා පිහින්න නං එපා. මොනිටරේට සොරි වෙයි sengihnampakgigi .

දෙපාරක් විතර මේ විදියට වතුර පොගවලා screen එක පිහලා දාන්න. සම්පූර්ණයෙන් පිරිසුදු කළාට පස්සේ වයර් ටික පිළිවෙලට හයිකරලා ඔන් කරන්න. දැන් වෙනස බලන්න.

Tuesday, August 11, 2009

අර්ධ ශතකයක් ගැසුවෙමි - ලිපි 50 යි

කස්ටිය කොහොමද ඉතින්...? ඔන්න මමත් දන්නෙම නැතුව පෝස්ට් 50 කුත් දාලා.... senyumමේක තමයි මට තියෙන එකම බ්ලොගය. මේක පටන් අරගෙන දැනට මාස 5ක් විතර වෙනවා. ඒ කියන්නේ මාසෙකට පෝස්ට් 10 ක් විතර වැටිලා තියෙනවා. පෝස්ට් 50ට කමෙන්ට්ස් 473 කුත් වැටිලා තියෙනවා. ඇඩි නැති සිංහල බ්ලොග් ඉදිරියට ඇදෙන්න තියෙන පිළිසරණ මේ කමෙන්ට්ස් තමයි. ‍ඒ නිසා ඉස්සෙල්ලාම මගේ බ්ලොගය කියවපු හැමදෙනාවමත් කමෙන්ට්ස් කරපු හැම දෙනාටමත් ස්තූතිවන්ත වෙනවා. මේක මම පටන් ගත්තේ අප්‍රෙල් මාසේ 12 වෙනිදා. ඒ දවස් වල බ්ලොග් මැරතන් උණ හැදෙමින් තමයි තිබුණේ sengihnampakgigi. මටත් සිංහල බ්ලොග් එකක් පටන් ගන්න ආසා හිතුනා. ඒ නිසා පටන් ගන්නේ කොහොමද කියලා හොයල බලන්කොට තමයි Blogger හම්බවුනේ. ඉතින් ඒවෙලාවෙම බ්ලොග් එක පටන් ගත්තා. බ්ලොග් එකට නමක් මතක් වුනෙත් නෑ. ඒවෙලාවෙ හිතුනු නිසා තිළිණ බුවා කියල දැම්මාsengihnampakgigi. නම අප්සැට් කියලා කිප වතාවක්ම හිතුනා. හිතුනොත් ඉදිරියට මේ නම මම වෙනස් කරනවා.

මේකේ වැඩිපුර තියෙන්නේ බයිලා sengihnampakgigiඒ අස්සේ වැදගත් වෙයි කියලා හිතුනු ලිපි කීපයකුත් ලිව්වා. දැන්නං ලියලා ලියලා, ලියන්න දෙයක් නෑ. ඒත් මේක ඇදගෙන යන්න ලියන්නම වෙනවා. බ්ලොග් එකක් නැති කස්ටිය ඉතින් බල බල ඉන්නැතුව අදම බ්ලොග් එකක් පටන් ගන්න. Blogger හරි Wordpress හරි ලේසි එකක් තෝරගන්න. සල්ලි වියදම් වෙන්නේ නෑ. එක්කෙනෙක්හරි අළුතෙන් බ්ලොග් එකක් පටන් ගන්නව කියන්නේ ජංජාලයේ සිංහල ප්‍රතිශතය වැඩිවෙනවා කියන එක. ඒක අපි හැමෝටම හොදයි.

Monday, August 10, 2009

Intel ගේ අළුත්ම යකා....

Intel ගේ නවතම CPU එක වන Core i5 වල පින්තූර කීපයකි. උපුටා ගැනීම මෙතනින්





Sunday, August 9, 2009

තමන්ගේ මැසිමට තමන්ගේ විස්තර දාමු

කස්ටිය කොහොමද ඉතින්...? අද ලියන දේ නං සමහරු දන්නවත් ඇති. නොදන්න පිරිස වෙනුවෙන් ලියන්නම්. කොම්පියුටරයක් ගත්තාම ඒක මිලදි ගත්ත කඩේ නම ගම විස්තර System Properties එකේ වැටිලා තියෙනවා දැකලා තියෙනවද? ලැප්ටොප් තියෙන කස්ටිය නං මේක අනිවාර්යයෙන් දැකලා ඇති. ඉතින් මේක කරන්නේ කොහොමද? කැමතිද තමන්ගේම ලෝගෝ එකක් හා විස්තර කොම්පියුටරේට දාගන්න? මෙන්න මෙහෙමයි කරන්නේ....Win XP, Vista හා 7 වලට පුළුවන්...

වින්ඩෝස් XP සදහා..

ඉස්සෙල්ලාම අපි අපේම ලෝගෝ එකක් හදාගන්න ඕනේ... ඒකට පේන්ට් යොදා ගන්න පුළුවන්. ඒත් වෙන කැමති Logo එකක් යොදාගන්නත් පුළුවන්. මේ Logo එකේ resolution එක 180 x 130 වගේ ගන්න පුළුවන්. එත් මිට වඩා ලොකු කරන්න එපා. (පේන්ට් වල Image සයිස් එක හදන්නේ Image > Attribute) ඊට පස්සේ මේ හදා ගත්ත ‍ඉමේජ් එක සේව් කරගන්න ඕනේ. සේව් කරනකොට File Name එක විදියට oemlogo.bmp දෙන්න. Save Type එක විදායට 256 colour Bitmap(*.bmp, *.dib) දෙන්න.

(ලොකු කරලා බලන්න)

(තාවකාලිකව ඩෙස්ක්ටොප් එකට save කරගන්න) දැන් තමන්ගේ විස්තර ටික දාලා පොඩි ෆයිල් එකක් හදාගන්න ඕනේ. මේකට Notepad ඕපන් කරලා පහත text ටික ටයිප් කරන්න. (‍කොපි කරලා පේස්ට් කරන්න)

[General]
Manufacturer= Thilina බුවා
Model= Thilina බුවාගේ මැසිම

[Support Information]
Line1 = Thilina Wijesooriya
Line2 = ගෙදර නොම්මරය
Line3 = ගම
Line4 = නගරය
Line5 =


(ලොකු කරලා බලන්න)


දැන් තමන්ගේ විස්තර ටික දාගන්න. මේකට සිංහල යුනිකොඩ් සපෝට් කරනවා. ඒත් සිංහල ටයිප් කරලා Save කරනව නං මතක ඇතුව Encoding එකට Unicode කියන එක select කරන්න. දැන් මේ හදා ගත්ත file එක සේව් කරන කොට Name එක විදියට oeminfo.ini හා save Type එක All Files යන්න දෙන්න. (ඩෙස්ක්ටොප් එකටම සේව් කරන්න). දැන් මේ හදාගත්ත oemlogo.bmp & oeminfo.ini ෆයිල් දෙක C:\WINDOWS\system32 එකට කොපිකරන්න. ‍දැන් refresh කරලා system properties බලන්න.

(ලොකු කරලා බලන්න)

වින්ඩෝස් Vista හා 7 සදහා


මේකෙදි නං ටිකක විතර වෙනස්. ඉස්සෙල්ලාම image ෆයිල් එක යම් තැනක සේව් කරගන්න (උදා : C:\oemlogo.bmp) වින්ඩෝස් Vista & 7 වලදි මේක කරන්න අපිට registry එකට යන්න වෙනවා. ඉතින් යමු. search box එකේ regedit කියලා කොටන්න



මේ පාත් එක ඕපන් කර ගන්න. HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ OEMInformation දැන් right click කරලා New > String Value select කරන්න. Name විදියට Manufacturer දෙන්න. දැන් Manufacturer එක right click කරලා Modify > Value data එක විදිට‍ කැමති නමක් දෙන්න.

(ලොකු කරලා බලන්න)

තව පාරක් New > String Value එකක් ගන්න නම විදියට Logo කියල දෙන්න. Value data එක විදියට තමන් හදපු ලෝගෝ එක සේව් කරපු තැන path එක දෙන්න (උදා : C:\oemlogo.bmp) දැන් සේරම close කරලා refresh පාරක් දාලා system properties බලන්න.

(ලොකු කරලා බලන්න)

ප්‍රශ්න තියෙනව නං අහන්න.

Thursday, August 6, 2009

පාසල් කාළේ...1

කස්ටිය කොහොමද ඉතින්...? මේදවස් වල ලියන්න දෙයක් හොයාගන්න නෑ. මොනව ලියන්නද මන්ද? ඒ නිසා ලියන්න අළුත් දෙයක් හොයා ගන්නකං මේකවත් ලියන්න හිතුවා. අපි හැමෝම වගේ අවු 13 ක් විතර ස්කෝලේ ගියානේ. ඒ දවස් වල නං ඉස්කෝලෙට යාම මරනව වගේ වැඩක්. ඒත් ඉස්කෝලෙන් අයින් වුනාම හිතෙනවා ‍ඉස්කෝලේ ගියපු කාළේ තරං සුන්දර කාලයක් තවත් නෑ කියලා. ඉතින් ඉස්කෝලෙ කරපු පිස්සු වැඩ, වීර වැඩ, හොර වැඩ, කොපි කරපුවා වගේ දේවල් ටිකක් වත් ලියන්න හිතුවා.

මේක වුනේ මම 11 වසරේ ඉන්නකොට. ඒ දවස් වල O/L නේ. ඉතින් හැම පිරි‍යඩ් එකකම වගේ උගන්නනවා. අන්තිම පිරියඩ් එකේ තිබුණේ ගණන් වල කවකටු වලින් නිරිමාණ කරන පාඩමක්. ඒ නිසා හැම එකාගේ අතේම වගේ කවකට්ටක් තිබ්බා. ඔන්න ඉස්කෝලේ ඉවරවෙන්න බෙල් හැගැව්වා. පස්සේ සේරම පොත් ටික අකුලලා බෑග් එකට දාගත්තා. සර් කාරයත් ගියා. දැන් ඔන්න ස්පිකර් වලින් ගාථා කියන්න පටන් ගත්තා. දැන් ළමයි කස්ටියත් ගාථා කියනවා. මේ අස්සේ එකෙක් කවකට්ටක් අරන් උගේ ළග ඉන්න එවුන්ට ඒකෙන් ඇන ඇන මෝඩ චූන් ගන්නවාgigil. ඔන්න දැන් මූ මගේ පිටටත් ඇන්නා. මම අඩි 3 -4 ක් ඉස්සරහට ගියා. අප්පටසිරි එතකොටම ගණන් සර් කාරයා ආයෙත් පන්තියට ආවාsedih. දැන් සර් කාරයා මාව දක්කා. සර් හිතුවේ මම ගාථා කියන් නැතුව ඇවිදිනවා කියලයි. ඒත් සර් කාරයා සද්ද නැතුව මං දිහා බලාගෙ හිටියා. පස්සේ ගාථා කියලා ඉවර වුනා. සර් කාරයා මට කතා කරලා පන්තිය ඉස්සරහට අරන් ආයෙත් මුල ඉදන් තනියෙන් ගාථා ටික කියන්න කිව්වාgile. බුදු ආතල්... දැන් මට කවකට්ටෙන් ඇනපු එකා අතින් කියනවා ඌ ඇන්නා කියල කියන්න එපා කියලා. ඔය අස්සෙ පන්තියෙ ළමයි ටිකත් පන්තියෙන් එළියට ගියා මමත් ඉතින් මොනව කොරන්නද? පන්තියෙ තනියෙන්ම හිටගෙන මුල ඉදන්ම ගාථා ටික කිව්වාhah. පන්තිය ළගින් යන අනෙක් පන්ති වල වුන්ටත් මාර ආතල්.

ඔන්න ඉස්සෙල්ලාම ලිව්වෙ ඉස්කෝලෙදි කාපු චාටර් එකක්. මේ වගේ අත්දැකිම් කස්ටියටත් තියෙනව නං තමන්ගේ බ්ලොගයෙ ලියල දාන්න තවත් එකක් තව ටික දවසකින් ලියන්නම්....

Sunday, August 2, 2009

කොම්පියුටරය සහ මගේ ඇස්

මට කොම්පියුටරයක් ලැබිලා වැඩි කාලයක් නෑ. ඒත් ඒ කාලේ ඇතුළත මගේ ඇස්වලට ලොකු බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. මම උදේ නැගිට්ට ගමන් මූණ එහෙම හෝදලා කරන පළවෙනි වැඩේ තමයි(ගෙදර ඉන්න දවස් වලට) මේ මැසිම දාගන්න එක. උදේ කෝපි එකත් මැසිම ඉස්සරහම බිලා දානවා (ආ..... මම කිරි බොන්නෑනේ..., බබාලනේ කිරි බොන්නේ...sengihnampakgigi) ඊට පස්සේ අම්මා ‍ කෑගහනකොට කෑම එක මැසිම ගාවට අරන් ඇවිල්ලා මැසිමෙ මොකක් හරි ෆිල්ම් එකක් බලන ගමන් කෑම එක කනවා. කාලා පැය කාලක් බාගයක් ගියාට පස්සේ නැගිටලා ගිහිල්ලා වතුර බොනවා. උදේ වෙලාවම මැසිමෙන් ඇහැ අයින් වෙන්නෑ. දවල්ට, රෑට බත් කන්නෙත් මැසිම ඉස්සරහ ඉදගෙනම තමාsengihnampakgigi. මේක කියවන කිදෙනක් මෙහෙම කරනව ඇත්ද?

මේ ළගදි මිගමුවෙ වෛද්‍ය ප්‍රදර්ශනයක් තිබ්බනේ මමත් ඉතින් ඕකට ගියා. ඇස් චෙක්කරන තැනකුත් තිබ්බා. පොඩි දොස්තර කොල්ලෙකුත් හිටියාsengihnampakgigi. දොස්තරයා මට බෝඩ් එකක් පෙන්නලා කිව්වා ඒකේ තියෙන අකුරු ටික කියවන්න කියලා. අප්පටසිරි මෙලෝම දෙයක් පේන්නෑ. බොහොම අමාරුවෙන් පළවෙනි පේළි 3-4 කියෙව්වා. පේළි 8 ද කොහොද තිබ්බා. ඒවෙලාවෙම දොස්තරයා ඇහුවා කොම්පියුටර් වැඩද කරන්නේ කියලා මම ඔව් කිව්වා. පස්සේ දොස්තර හෙන උ‍පදෙස් තොගයක් දුන්නා. ඉස්පිරිතාලෙට එන්න කියලා කොළේකුත් දුන්නා. මිනිහා කියන විදියට කොම්පියුටරේක වැඩ කරනකොට ඇස් වලට පැයකට විනාඩි 5 - 10 ක් වත් රෙස්ට් දෙන්න ඕනෙලු. අනික CRT මොනිටර් ඇස් වලට එච්චර හොදත් නෑලු (ෆ්ලැට් එක වුනත්) විකිරණ අනං මනං එනවලු. CRT පාවිච්චි කරනවනං screen filter එකක් වත් දාලා පාවිච්චි කරන්නලු. LCD මොනිටර් වලින් විකිරණ එන්නැති වනාට. පැයකට අඩුම වශයෙන් විනාඩි 5 ක් වත් මොනිටරයෙන් ඇස් අයින් කරන්නලු. තව ටික දවසක් මෙහෙම්මම හිටියොත් කදුළු එන එකත් අඩු වෙලා ඇස් වේලෙන්න ගනියි කියලා දොස්තරයා කිව්වා කණ්නාඩි දෙකක් ගන්නත් කිව්වා. ඒත් දොස්තර කොච්චර උපදෙස් දුන්නත් තාම මම වෙනස් වුනේ නෑ. ඇස් චෙක් කරන්න ගියෙත් නෑ. කණ්නාඩි ගන්න ගියෙත් නෑ. පැයකට විනාඩි 5 ක් මොනිටරයෙන් ඇස් අයින් කරන්නෙත් නෑ. හෆෝයි මගේ ඇස් වලට දෙවි පිහිටයි. මගේ ඇස් පෙනිම කොච්චර පහළින්ද තියෙන්නෙ කිව්වොත් බස් එකේ බොඩ් එක බස් එක ළගටම එනකං පේන්නෑrindu. ඔහොම එක දවසක් වැරදි බස් එකකට අත දාලා අන්තිම මට ඒකට නගින්න වුනාsenyum. දැන් නම් මට ඇස් දෙක චෙක්කරගන්න යන්නම වෙනවා. ඉතින් කස්ටියත් දවස තිස්සෙම කොම්පියුටර් වල වැඩ කරනව නං පොඩ්ඩක් තමන්ගේ ඇස් දෙක ගැන සැලකිලිමත් වෙන්න.

Saturday, August 1, 2009

ඔබ Download කළේ නියම Windows 7 ISO Image එකක්ද?

කස්ටිය කොහොමද ඉතින්...? දැන් නං ලියන්න දේවල් නෑ. දන්න කියන දේවල් ලියලා ඉවරයි. අළුත් දේවල් හොයාගෙන යන්න වෙනව. මේකනං සමහර කස්ටිය දන්නවත් ඇති. දැන් ටික කාලෙකට කලින් Windows 7 Beta, Windows 7 RC ආවනේ. කස්ටියත් ආපු ගමන් බෑවා. Microsoft සයිට් එකෙන් බාන්න කියල තමයි කිව්වෙ. ඒත් ගොඩක් අය බෑ‍වේ Microsoft එකෙන් නෙවේ, ටොරන්ට් වලින්. මමත් බෑවේ ටොරන්ට් වලින් තමාsengihnampakgigi. ටෙක් කතා වලත් කියනවානේ වින්ඩෝස් හොර කොපිය වුනත් ටොරන්ට් වලින් බාන්න එපා කියලාsengihnampakgigi. ඒත් කස්ටිය ලේසියට ටොරන්ට් එකක් අල්ලගන්නවා. දැන් මේ ටොරන්ට් වලින් බාපු Win 7 ISO ඉමේජ් එකේ මොන මොන වයිරස් කෑලි තියෙනවද කියල කවුද දන්නේ...? ජංජාලේ ඉන්නකොට මට පොඩි ටූල් එකක් හම්බවුනා Windows 7 ISO එක ඔරිජිනල් එකක්ද කියලා හොයල බලන්න මේ ටූල් එකට පුළුවන්.




මේකයි ටූල් එක Windows 7 ISO Verifier. Windows 7 Beta, RC 32/64 bit වලට සපෝට් කරනවා. ඉතින් කස්ටියත් තමන් දාගෙන ඉන්න Win 7 වල ISO ඉමේජ් එක මගදි හැකර් කෙනෙක් වෙනස් කරලද කියල පොඩ්ඩක් හොයල බලන්න. ටූල් එක රන් කරලා 7 ISO එක browse කරන්න එච්චරයි.

වැඩි විස්තර