About

Friday, July 30, 2010

Mac OS X Snow Leopard Install කරමු

කස්ටිය කොහොමද ඉතින්..? සෑහෙන දවසකට පස්සේ.., bising ඕං අද Mac OS Snow Leopard දාන හැටි ලියන්නයි යන්නේ. තමන් ගාව තියෙන් USB Pen/Flash Drive එකට HDD එකට SSD එකට Mac OS දාන හැටි බලමු bising. මේක නං මීට කලින් ගොඩක් අය ලියලා තියෙනවා. ඒත් ඉතින් ඔන්න ඔහේ මමත් ලියන්නංකෝ bising. ඉස්සෙල්ලාම බලමු මොනවද ඕනේ කියලා.

Mac OS DVD එකක්

මම පාවිච්චි කරන්නේ නං Hazard Mac OS SL 10.6.2 DVD එකක්. ඒත් IAtkos මගින් 10.6.3 DVD එකක් නිකුත් කරලා තිබුණා. හැබැයි ඒක Intel only එකක් AMD අයට දාන්න බෑ. Hazard එන නං Intel/AMD දෙකටම දාන්න පුළුවන්.

SATA HDD එකක්

ටෙස්ට් කරන්න වගේ USB Flash drive එකක Mac OS X SL Install කරන්නත් පුළුවන්. Screen shots ලබා ගැනීමට මම අද Mac os ඉන්ස්ටෝල් කරන්නේ Imation 8GB USB 2.0 Flash Drive එකක. Flash Drive එකක ඉන්ස්ටෝල් කරනවා නං 8GB හරි ඊට වඩා වැඩි USB 2.0 Flash Drive එකක් භාවිතා කරන්න.

SATA DVD Rom එකක්

USB KB සහ USB Mouse

ඔය ටික තමා අත්‍යවශ්ය දේවල් ටික. සේරම හරි නං ඊලඟ පියවරට යමු. HDD එකේ data නොතිබෙන තරමට හොඳයි. ඕං HDD එකේ තිබුණු දේවල් වලට මම නං වගකියනු නොලැබේ bising.

ඉස්සෙල්ලාම Bios වලට යන්න. එකේ SATA Mode එක IDE වලින් AHCI වලට මාරු කරන්න. මේක නං අනිවාර්යයෙන්ම කළයුතු දෙයක් bising. මේක නොකළොත් අල පාත්ති සෙට් වෙන්න පුළුවන් bising. ඔය Serial, Parallel Ports Disable කරන්න. වැඩිපුර HDD තියෙනවා නං ගලවන්න. Flash Drive එකට install කරනවා නං Flash Drive එක සෙට් කරන්න. 1st Boot එක CD Rom දීලා DVD එක දාලා boot කරන්න.


ටික වෙලාවක් Apple logo එක වැටිලා තිබිලා Language එක අහයි. English තෝරලා ඉස්සරහට යන්න.

පස්සේ Welcome screen එක Continue කරලා ඉස්සරහට යන්න.


OS එක Install කරන තැන select කරන්න එන තැනදී උඩ තියෙන Utilities > Disk Utility යන්න.


Disk Utility වල වම් පැත්තේ තමන්ගේ HDD එක FD එක පෙන්නාවි. ඒක උඩ Right click කරලා Partition select කරන්න. අවශ්‍ය විදියට පාටිෂන් කරගන්න පුළුවන්. නැත්නං පාටිෂන් නොකර කෙලිම්ම Format කරනවා නං Erase එක select කරන්න.


Format එක විදියට Mac OS Extended (Journaled) තෝරන්න. ඊලඟට Erase


හරියට කළා නං Select a Destination කියන තැනට හදපු partitions ටික එයි. දැන් Continue


Install Summary එකේදී Customize select කරන්න.


මෙතනදී තමන්ගේ කොම්පියුටරයට ගැලපෙන Option එක විතරක් Select කරන්න ඕනෑ. මට මෙතනදී නං මේ Option එකම select කරන්න කියලා කියන්න බෑ. තමන්ටම තමා හරි Option එක තෝරා ගන්න වෙන්නෙ. හැම Option එකකටම ගිහිල්ලා ලැබෙන විස්තරය කියවන්න. හැමෝටම පොදු වෙන Option ටිකක් මම select කරලා තියෙනවා. තව Nvidia VGA card තියෙන අය NVEnabler select කරන්න. හරියටම තෝරා ගන්න බැරිවුනොත් Hazard Forum එකෙන් උදව් ගන්න. තමන්ගේ මැසිමේ විස්තර ටිත Forum එකට දුන්නාම ඒ අය අදාල Option ටික දෙයි bising.



පස්සේ Install කරන්න. විනාඩි 25-30 ක් විතර යන්න පුළුවන්. FD එකක Install කරනවා නං කාලය වැඩි වෙන්න පුළුවන්.


Install වෙලා ඉවර වුනාම restart කරලා ආයෙත් Bios වලට ගිහිල්ලා 1st boot එක HDD කරන්නත් අමතක කරන්න එපා.


හරියට Install වෙලා නං Video එකක් ගිහිල්ලා නම ගම විස්තර අහයි. ඔය රට අහන තැනදී හරියටම Sri Lanka කියලා දෙන්න. නැත්නං වෙලාව අල වෙන්න පුළුවන් bising. Do You Already Own a Mac එකෙන් එහාට යන්නේ නැත්නං Network කාඩ් එක Disable කරලා උත්සාහ කරන්න bising.


මේ තියෙන්නේ Flash Drive එකේ Install කරපු Mac OS X SL bising. Boot වෙන්න තරමක් වැඩියෙන් වෙලා ගන්නවා. ඒත් ලොකු අවුලක් නෑ. Mac OS දැම්මට පස්සේ කරන්න ඕනේ ටික ගයන්ත ලියලා තියෙනවා. ඕං ඔහොමලු Mac OS දාන්නේ, bising ප්‍රශ්න තියෙනවා නං අහන්න.

Thursday, July 22, 2010

මේ දවස් වල ජීවිතේ

කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා. පරණ තැටියම තමා bising. ලියන්න විශේෂ දේකුත් නැති එකේ පොඩි බයිලා පෝස්ට් එකක් වත් දාන්න හිතුවා. Mac OS X SL ඉන්ස්ටෝල් කරන විදිය ගැනත් පෝස්ට් එකක් දාන්න හිටියත් කම්මැලි කම නිසාම ඒකත් බගෙට ලියලා නවත්තලා තියෙනවා. කොහොම හරි ඒකත් ඉක්මනටම දාන්න ඕනේ. හැම එකකටම හරහට හිටලා තියෙන්නෙ අන්තර්ජාලය. මොබිටෙලය පහුගිය කාලේ චා මැක්ස් වුනා නෙවැ. ඔය අස්සේ මමත් ගත්තා ඩයලොග් 2GB අන්ලිම්ටඩ් පැකේජ් එකක් bising. ඒත් ඉතින් ඒකෙත් මහා ලොකු වෙනසක් තිබ්බෙ නෑ. මොබිටෙල් වගේම තමා bising. දවස් හතර පහක් යනකොට 2GB ඉවර වෙලා FUP සෙට් වෙලා ස්පීඩ් එක 8kBps - 10kBps වලට අඩුවුනාට පස්සේ ඩිස්කනෙක්ට් කළා bising. දැන් නැවතත් මොබිටෙල්. මේ ළඟකදි ඉඳලා ආයෙත් මොබිටෙලය ටිකක් විතර හොඳ අතට හැරෙම්න් තියෙන බවත් පේන්න තියෙනවා bising. BB කතා ඉවරයි.

ඔය අතරේ මම win 7 64bit එකත් දාගත්තා නෙවැ. හේතුව නං පස්සේ වෙලාවක කියන්නංකෝ bising. ඒත් 64bit දාගෙන සෑහෙන දුකක් විඳින්න වුනා bising. අංක එක වුනේ Mobile Partner software එක අල වීම. පස්සේ Mobile Partner එක විසිකරලා දාගත්තා Mobile Connect. ඒකත් දාලා Modem එකට Win 7 64 bit Drivers වෙනමම බාලා දාගත්තා. ඒක නං අලයක් නැතුව වැඩ. Modem එකේ Firmware එකත් අප්ඩේට් කළා. Huawei සයිට් එකේ දැන් අදාලා software නොතිබුණු නිසා Google කරන කොට වෙන සයිට් එකක් හම්බවුනා. මේකේ Huawei, ZTE වගේ ගොඩක් Modems වලට Firmware, Drivers වගේ දේවල් තියෙනවා. මෙන්න සයිට් එක. sterowniki.bez-kabli.pl. අවශ්‍ය අය firmware එකෙම අප්ඩේට් කරගන්න bising. ඒත් ඔන්න ඔය firmware update කරගන්න ගිහින් අල කරගෙන මොඩම් එක කඩා ගත්තොත් මම නං වගකියනු නොලැබේ bising. වින්ඩෝස් කතා ඉවරයි.

පහුගිය දවස් වල මමත් SQL class එකකට සෙට් වෙලා හිටියා නෙවැ. CCNA කිරීමේ ලොකු උවමනාවක් තිබුණත් තාම කරගන්න බැරිවුනා. ඔය අස්සේ ජොබ් වලට අප්ලිකේෂන්ස් දාන එක තමා මගේ විනෝදාංශය වෙලා තියෙන්නේ bising. ඔය විදියට කාලය ගිහිල්ලා දැන් අවුරුද්දෙන් බාගෙකටත් වැඩිය ඉවරත් වෙලා.