About

Sunday, March 21, 2010

මුද්දර

කස්ටිය කොහොමද ඉතින්..? මේ දවස් වල නං බ්ලොග් ලියවෙනවත් අඩුයි කියලා පරණ තැටියම දාලා අදත් පෝස්ට් එක පටන් ගන්නංකෝ. garupale හික්.., ඉතින් මේ ළඟදී දවසක කාමරේ තිබ්බ පරණ පොත් ගොඩක් එහාට මෙහාට කරනකොට ඉස්කෝලෙ යන කාළේ ආසාවෙන් තියාගෙන හිටපු දෙයක් හම්බවුනා. ඒ තමයි මගේ මුද්දර එකතු කරපු පොත. හැමොම වගේ මේ මුද්දර එකතු කිරීම කරලා ඇති. ඉස්කොලේ 6 - 7 වසර වලදී තමයි මේ මුද්දර එකතු කිරීමේ උණ ගොඩක් උත්සන්න වුනේ. හැමෝටම ඕනේ වුනේ අනිත් එකාගේ මුද්දර පොතේ තියෙන මුද්දර ගානට වඩා වැඩි මුද්දර ගානක් තමන්ගේ ‍මුද්දර පොතේ තියෙනවා දකින්නයි. එකම වර්ගයෙන් වැඩිපුර මුද්දර තියෙනවා නං එවා වෙන මුද්දරත් එක්ක හුවමාරු කරගැනීමත්. මුද්දර සල්ලි වලට විකිණිමත් ජයටම කෙරුණා garupale. ඉතින් ඔහොම එකතු කරපු මුද්දර 300 - 400 කි විතර අද වෙනකොට ඉතුරු වෙලා තියෙනවා. 8 - 9 වසරට එනකොට මුද්දර එකතු කිරීම අමතක වෙලාම ගියා. අපේ ඉස්කෝලේ නං මුද්දර එකතු කරන්නන්ගේ සංගමය කියලා එකකුත් තිබ්බා වගේ යාන්තමට මතකයි.

මට වැඩ්පුරම ඕනෙ වුනේ Ceylon කියලා ගහපු මුද්දර එකතු කරන්න. ඒත් මට Ceylon කියලා ගහපු මුද්දර ලැබුනේ අත් දෙකේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයක්. මේ තියෙන්නේ ‍මගේ මුද්දර පොතේ පිටුවක්.


මේ මුද්දර දෙක තමයි මං ගාව තියෙන වටිනම මුද්දර දෙක. මම දන්න හැටියට ඔය රතු පාට Tapping Rubber මුද්දරය ලංකාවේ පළවෙනියට ගසක පින්තූරයක් දාලා හදපු මුද්දරය. (මම වැරදි නං නිවැරදි කරන්න)


අපි exercise පොතක මේ මුද්දර ඇලෙව්වට මේකටම විශේෂයෙන් හදපු පොත් තියෙනවා. මෙතන කොටන්නකෝ වැඩි විස්තර වලට. ebay එකෙන් නං මේ stockbooks මිලදී ගන්න පුළුවන් garupale. පුළුවන් වුනු කාලෙක stockbook එකක් අරගෙන මේ මුද්දර ටික එකට දාන්න ඕනේ..

මුද්දර එකතු කිරීම ගැන වැඩි විස්තර මෙතනින් ගන්න පුළුවන්.