About

Monday, June 14, 2010

Can You Run It ?

කස්ටිය කොහොමද ඉතින්..? ඔන්න ආයෙත් සෑහෙන දවසකට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවා. අද පොඩ්ඩක් විශේෂ දවසක්, ‍ඔන්න මම අද ලිපි 100ක් සම්පූර්ණ කරනවා bising. ඒත් ඉතින් පහුගිය අවුරුද්ද වගේ නෙමෙයි. මේ අවුරුද්දේ බ්ලොග් ලියන්න එච්චරම කික් එකක් නෑ bising. හේතුව තමා ලියන්න දෙයක් නැති වීම හා කම්මැලි කම.

අද කියන්න යන දේ නං සමහර අය දන්නවත් ඇති. අපි හැමෝම වගේ මොකක් හරි ගේම් එකක් ප්ලේ කරලා තියෙනවනේ. මීට ටිකකාලෙකට උඩදී ගොඩක් තිබුනේ කාටුන් රූප වගේ ගේම්ස් තමා bising. ගේම් එකේ graphics දැක්කම ගේම් එකම එපා වෙනවා. ඒත් දැන් තියෙන ගේම් වල වගේ graphics ඉතාම උසස් විදියට තියෙනවා. ගේම් එක ගොඩක් හොඳ graphics, sounds වලින් සමන්විත වෙනකොට ගේම් එකට වඩාත් හොඳ පරිගණකයක් ඕනෑ කරනවා. අපි ඉතින් ගේම් වල හොර කොපි පාවිච්චි කරනවා කියන එක ප්‍රසිද්ධ රහසක් නෙවැ bising. Unlimited නෙට් කනෙක්ෂන් එකක් තයෙන උදවිය ටොරන්ට් එකක් හොයාගන්නවා. අනෙක් අය DVD පාවිච්චි කරනවා. ඒත් තමන් බාන්න/ ගන්න යන ගේම් එකේ තියෙන system requirements මොනවද කියලා පළවෙනියටම දැන ගන්න එපායැ. ඒක නං ගේම් එකේ නමින් සර්ච් පාරක් දාලා හොයාගන්න පුළුවන් බව ඇත්ත bising. ඒත් සමහර වෙලාවට හොයාගන්න අමාරුයි bising. ඒවගේ වෙලාවට www.systemrequirementslab.com සයිට් එකෙන් තමන් බාන්න හෝ ගන්න යන ගේම් එක තමන්ගේ මැසිමේ ප්ලේ කරන්න පුළුවන්ද බැරිද කියලා විස්තර සහිතව බලාගන්න පුළුවන්. තව ගේම් එක ප්ලේ කරන්න බැරි නං ඒකට හේතුව හොයාගන්නත් පුළුවන්. මේක වැඩකරන්නේ IE හා FireFox Web browsers එක්ක විතරයි. කරන්න තියෙන්නේ අවශ්‍ය ගේම් එක තෝරලා Can You Run it කියන බොත්තම ඔබන එක විතරයි.

(ලොකු කරලා බලන්න)

ඕං මගේ දුප්පත් මැසිමේ නං Call of Duty Modern Warfare 2 ප්ලේ කරන්න බැරිලු. Processor එක හොඳ මදිලු

12 comments:

සහන් සටහන් said...

බඩුම තමා නියමායි කොල්ලෝ නියමයි...
තෑන්ක්ස්

Dar[K] said...

එල වටින කියන සයිට් එකක් ! ඒත් දුක තමා :( ක්‍රොම් එකෙන් ගියාම බඩු ෆිනිශ් වෙනවා :D

අහ් අරක බැලුවද? ට්වීට් එකේ කිව්ව ගේම් එක?

Thilina said...

@සහන්

එළ එළ :)


@Dar[K]

IE & FF පිහිටතමා. ;) ගේම් එක නං තියෙනවා. ඒත් serial එකක් හොයාගන්න බැරුව ඉන්නේ. :( පැය ගානක් ගූගල් කලත් හොයාගන්න බැරිවුනා.

C0de BlUe said...

හිහි මරු සයිට් එකක් නේ , ගිහිල්ලම බලන්න ඕනේ !!!

කසුන් නදීශන said...

වටිනා කියන දෙයක්. ස්තුතියි

Jay said...

එළ..!!

Anonymous said...

100 වෙනි ලිපියට සුබ පැතුම් මචෝ :)

said...

මොකද්ද බන් මේ තැනින් තැන "bising" කියලා එකක් තියෙන්නේ උඹට මේක ලියන කොට කිඹුහුම් වත් ගියාද?

කොහොම උනත් සීයට අපෙන් සුභ පැතුම්!!!!!
චියර්ස්!!!!!

GNS said...

අපි නම් වැඩිය ගේම් පාවිච්චියක් නෑ.. :(
anyway, සෙන්චරියට සුභ පැතුම්..

Thilina said...

@හිඟන්නා

එළ එළ..


@කසුන් නදීශන

:)


@Ansh Lucky Sri Jay

එළ එළ ;)


@roylyfernando

ස්තූති වේවා..


@ම

ස්තූති වේවා !. ඒ emo ටික නෙවැ.. උඹ browser එකේ images load වෙන එක නතර කළාද?


@ගයන්ත

ස්තූති වේවා.. මමත් දැන් එච්චරම ගේම්ස් ප්ලේ කරන්නෙ නෑ

GNS said...

ඔන්න මම ඔයා ගෙනත් දුන්න ගේම් එක දුවන්න පුළුවන්ද කියලා මේකෙන් චෙක් කලා.. දුවන්න පුළුවන්ලු.. (whew)

Game එකට Thanx..!! :)

Thilina said...

@ගයන්ත

එළ එළ..

Post a Comment