About

Thursday, July 30, 2009

මේ මාසය, ෆෝන් සහ Fedora 11

මේ අවුරුද්දේ මාස 7 කුත් ගෙවිලා ඉවර‍යි. කාලය යනව මං එන්න එන්න නාකි වෙනව. මේ මාසෙ නං ටිකක් චොර විදියට තමයි ගෙව්ල ගියේ. මාසේ මුල හරියෙදි ටෙලිකොම් එකෙන් ඉන්ටර්නෙට් ගන්න දැගලුවත් විවිධාකාරයේ ගැටලු නිසා ඒක පොඩ්ඩක් බ්රේක් වෙලා තියෙනව. Adsl ඇක්ටිව් කරනව නං අවුරුද්දක් තියාගන්න ඕනෙලු. දැන් ඒක තමා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. දුර වැඩි නිසා වැඩ වැඩ නොකොලොත් බඩුම තමා නිකං බොරුවට අවුරුද්දක් සල්ලි පූජා කරන්න වෙනව. අනික මුන් කතා කරන්නෙ හරියට පිනට Adsl දෙනව වගේ. කස්ටමර් ගැන ගානක් වත් නෑ. දෙන්ඩ හිතෙනවා...marah

මමත් දැන් ටිකක් FOSS ගැන උනන්දුයිනේ...senyum එක එක ජාතියේ OS, Software තියෙනවා. ඉස්සෙල්ලම දැම්මා උබුන්ටු. ටික දවසක් තිබ්බා. නරකමත් නෑ. හැබැයි ජංජාලට මත යැපෙන නිසා ටිකක් හිතන්න වෙනව. මම Fedora 11 DVD එකක් ඕඩර් කළානේ. ඒකත් ලැබුණාsenyum. පුරාණ කාළේ HDD එකක් හොයාගෙන දාල බැලුවා. Fedora KDE එකනං පට්ට. ආයෙත් ලෙඩක් සිංදු අහන්න ෆිල්ම් බලන්න බෑ. මේ පාර නං බෑ කියල නිකං හටියෙ නෑ (අර තම හිසට තම අතමය හෙවනැල්ල කියනවනේ). Google අයියාගෙන් අහලා බලල CMDA phone එක දාගත්තා. ඒක වැඩ. පස්සේ VLC player එකත් දාගත්තා, මෙගා බයිට්ම 25ක්. ‍ 25MB ක් suntel CDMA එකෙන් එනකොට කොහොමද ආතල් එක? පැය 2 1/2 ක් විතර ගියා. සේරම හරි ඔහොම දැන් සේරම කර ගත්තා කියමුකො, පස්සේ kernel failure කියල මැසේජ් එකක් එන්න ගත්තා. පස්සේ මම ඒ පරණ හාඩ් එක නිකමට වගේ Dynamic කළෘ. වඩේ බ්ලාස් Fedora වැඩ කරන්නේ නැතුව ගියා.


පස්සේ 8GB ක partition එකක් හදලා මගේ දැන් තියෙන මැසිමටම Fedora 11 දැම්මා. ආයෙත් මුල ඉදන්ම ඉන්ටර්නෙට්, VLC දා ගත්තා. දැන් වැඩ. හැබැයි සිංහල ටයිපිං නං චොර. කිබෝඩ් එක වෙනස්. දැන් විජේසේකර කි‍බෝඩ් එක දා ගැනිමේ මෙහෙයුමකට අතගසා ඇත sengihnampakgigi. FOSS කතා ඉවරයි.

මේ ලගදි මගේ දුප්පත් ෆෝන් කට්ටට (Nokia 3110c) යාළු මාළුවෙක් මාර SMS එකක් එව්වා. මේක Open කළා විතරයි ෆෝන් එක පිස්සු නටංන ගත්තාkenyit. වෙලාවකට off වෙනවා, charge කරන්න බෑ, on වෙන්නෑ. පස්සේ බොහොම අමාරුවෙන් Nokia PC Suite එකෙන් ෆෝන් මෙමරියට රිංගලා SMS එක delete කළා. දැන් බබා වගේ වැඩ. මැසේජ් එකේ තියෙන්නේ " Deyyane Oyage mobile eka OFF wewa! OFF wewa!! OFF wewa!!! " කියලා. අවශ්‍ය කෙනක් ඉන්නවා නං SMS එක ඉල්ලන්න. පෝන් කතා ඉවරයි

මේ මාසයේම මට මගේ ඩයරිය ලියන්න බැරි වුනාsedih. ඒක නං ටිකක් ප්‍රශ්නයක්. ඩයරියක් අවුරුද්දක් දෙකක් ලියනකොට තමයි ඒකේ අ‍ගේ තේරෙන්නේ. මතක මතක විදියට මේ මාසෙ සම්පූර්ණ කරන්න ඹ්නේ. කස්ටියත් නරකද ඩයරියක් ලිව්වොත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න දිගටම ලියයි. මෙව්වා තමයි මම මේ මාසේ කළේ...

Tuesday, July 28, 2009

කොම්පියුටරයට වතුර ගැසීම - water cooling system.

කස්ටිය කොහොමද ඉතින්...? මේ මාසෙත් ඉවරවෙන්න ලගයි. දැන් නම් ලියන්න දේවලුත් නෑ. දන්න කියන බයිලා සේරම වගේ ලියල ඉවරයිsengihnampakgigi. ඒත් එහෙම කියල බෑනේ මේක කොහොමහරි ඇදගෙන යන්නත් එපායැ. ඒ නිසා PC water cooling system එකක් වැඩ කරන විදිය ලියන්න හිතුවා. මේ water cooling system ගොඩක් වැදගත් වෙන්නෙ නම් ඕවර්ක්ලොක් වලටයි. Air cooler වලට වඩා හොදට CPU එක කූල් කරන්න water cooling system වලට පුළුවන්. ඒත් සාමාන්‍ය ඕවර්ක්ලොක් කරලා නැති CPU එකක් සහිත කොම්පියුටරයකට නම් water cooling system එකක් අවශ්‍ය වෙන්නෙ නෑ. සල්ලි තියෙනව නම් හයිකළාට වරදකුත් නෑ. මේ ගැන දැනගන්න කැමති අයත් ඇති කියල හිතල මම ලියන්නං. සාමන්‍යයෙන් වාහනයක් කූල් කරන්නෙත් වතුර වලින්. වාහනයක් කොච්චර රත්වෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. වාහනයේ water cooling system එකට එච්චර රස්නයක් පාලනය කරන්න පුළුවන් නම් CPU එකක රස්නය පාලනය කිරම සුළු දෙයක්.

PC water cooling system එකක් ප්‍රධාන ‍කෑලි සෙට් එක මේකයි. රේඩියේටරය, වතුර පොම්පය, ටැංකිය, CPU water block එක, රස්නයට ඔරොත්තු දෙන වතුර බට.

(රේඩියේටරය)


(වතුර පොම්පය + ටැංකිය 2 in 1sengihnampakgigi)

(CPU water block )


මේ කෑලි ටික තමයි තියෙන්නේ. CPU water block එක හයිකරන්නේ CPU එක උඩටයි මේක හරහා වතුර පොම්පයෙන් තල්ලුකරන වතුර ගමන් යනවා. එතකොට CPU එකෙන් එන රස්නය මේ CPU water block එක හරහා වතුර වලට ලැ‍බෙනවා. එතකොට තමයි වතුර ටික රත් වෙන්නේ. දැන් මේ රත් වුනු වතුර ටික රේඩියේටරය හරහා යනකොට ආයෙත් කූල් වෙනවා. කූල් වෙච්ච වතුර ටික ටැංකියකට පිරෙනවා. දැන් ආයෙත් මේ කූල් වෙච්ච වතුර ටික වතුර පොම්පයෙන් ඇදලා CPU water block එකට ලබාදෙනවා.

(CPU water block එක CPU එකට සවිකළ පසු)

ඉතින් දියටම සිද්ධ වෙන්නේ මේ වැඩ ටික තමාsenyum. CPU එක විතරක් නෙවෙ VGA card එක හා Chipset ද මේකෙන්ම කූල් කරන්න පුළුවන් . අවශ්‍ය වෙන්නේ වැඩිපුර water block දෙකතුනක් විතරයි. ඇත්තටම මේයට පාවිච්චි කරන්නේ වතුරම නෙවේ. වෙන liquid එකක් . cooling system එක හදන සමාගම මේ liquid එකෙන් බොතලයක් දෙකක් ලබා දෙනවා. මේ liquid කොම්පියුටර් බඩු කඩවල ගන්න තියෙනවා. මෙකට වෙනම liquid එකක් පාවිච්චි කරන්නේ පොම්පය ආදි කොටස් මලකඩකෑමෙන් ‍වලක්වාගන්න සහ වතුර ලික් වුනොත් කොම්පියටර් කෑලි වලට හානි විම වලක්වාගන්න වගේ හේතු නිසයි. ලංකාවෙදි නම් යුනිටි ප්ලාසා එකේදි මම මේ PC water cooling system විකුණන්න තියෙනවා දැකල තියෙනවා. ගාන නම් 12000 - 14000 විතර වෙනව. ඒත් කාලයකට කලින් water cooling system එකක් ගෙදරදිම හදාගන්න හැටි තියෙන පොස්ට් එකක් මට හම්බවුනා. ඒකේ වතුර පොම්පයක් ඇරෙන්න අනෙක් සේරම කෑලි ටික හොයාගන්න පුළුවන්. වතුර පොම්පයක් නම් මට කොහෙන්වත් ලැබුනෙ නෑsedih.

පින්තූර

Sunday, July 26, 2009

LGA 775 ඉවතට LGA 1156/1366 ඇතුලට

කස්ටිය කොහොමද ඉතින්...? ඩෙස්ක්ටොප් කොම්පියුටරක් තියෙන එකෙක් ගෙන් මැසිමෙ තියෙන ‍processor එක මොකක්ද කියල ඇහුවොත් බොහොවිට ලැබෙන උත්තරය තමයි Intel. ගොඩක් කස්ටිය පාවිච්චි කරන්නේ Intel Processor තමයි. AMD, VIA ත් තියෙනවා. දැන් ඉන්ටෙල් ලගේ සාමාන්‍ය ඩෙක්ස්ටොප් socket එක LGA775 තමා. Intel CPU පාවිච්චි කරන ගොඩක් අයගේ තියෙන්නේ මේ socket එක තමා.

(LGA 775 socket)

ඒත් දැන් මේ LGA775 socket එකට කනකොකා හඩන්නයි එන්නේ...hah. ඒ Intel සමාගම LGA 775 socket එක අත්හරීමට සූදානම් වෙන නිසයි. ඔවුන් දැනටමත් LGA1366 නමින් socket එකක් හදුන්වා දි ති‍‍බෙනවා. ඒ Core i7 CPU සදාහායි. නමුත් මේ core i7 CPU වල මිල ඉතා අධිකයි. core i7 CPU යොදාගන්නේ ඉහල මට්ටමේ ඩෙස්ක්ටොප් කොම්පියුටර් සදහයි. නමුත් දැන් ඉන්ටෙල් සමාගම LGA 1156 නමින් නව socket එකක් හදුන්වා දිමට නියමිතයි. ඒ Core i5 CPU හා තරමක් පහළ මට්ටමේ Core i7 CPU සදහායි.


(LGA 1156 socket)

(වම - LGA775 Core 2 Duo CPU එකක්, දකුණ LGA 1156 Core i5 CPU එකක්)


මෙම වසරේ සැප්තැම්බර් මාසයේදි Core i5 CPU නිකුත් විමට නියමිතයි. ඒත් මෙ නව LGA1156 socket එක සහිත මව් පුවරු දැනටමත් නිපදවා අවසානයි. ඒ සදාහා ඉන්ටෙල් සමාගම හදුන්වා දි ඇති නවතම chipset වනුයේ P55 හා P57. කෙසේ වෙතත් නව LGA 1156 හා LGA1366 socket සහිත මව්පුවරු හා CPU මිලදි ගැනිමට තිබුණත් දැන් අපේ මිතුරා වන LGA775 එක සහිත CPU හා මව්පුවරු 2011 - 2012 දක්වා වෙළදපොළ තුල රැදි තිබෙනු ඇත.

පින්තූර ගත්තෙ මෙතනින්

Thursday, July 23, 2009

බඩ පැළෙනකං හිනාවෙන්න

කස්ටිය කොහොමද ඉතින්...? මේ දවස් වල ටෙක් නිවුස් මොනවද කියල ඇහුවොත් මොනවද ලැබෙන උත්තර? එකෙක් කියයි වින්ඩෝස් එන්න ළගයි, ෆෙඩෝරා එළ. සුපර් උබන්ටු එළ (ඒක නං කියන්නෙ මං ... kenyit හික්). අරක එළ. මේක චොර, ලිනක්ස් කාරයෝ ජනෙල් කාරයෝ ගැටුම්..... ඔව්ව තමයි. හැමදාම එකම තැටිය.. sengihnampakgigi සේරම පොඩ්ඩකට අමතක කරල හිනා වුනොත් නරකද? මේකයි සිද්ධිය.. කස්ටියට මතකද සිරසෙ ගියා හිනා ඉනා කියලා එකක්. ඒකත් කොපි කරපු එකක්නේ. ඒකේ ඔරිජිනල් ‍ෂෝ එකේ නම Gags එකේ විඩියො වගයක් මගේ යාළුවෙක් මට ගෙනත් දුන්නා. ඒක නම් හිනා ඉනා වලට වඩා මාරම පට්ටයි. බඩ පැලෙනකං හිනා වෙන්න පුළුවන්. බලලම හිටියනං.








ඒ විඩියෝ ටික බලල මම නිකං හිටියෙ නෑ. ජංජාලේ තව විඩියෝ තියෙනවද කියල හොයල බැලුවා. හෆෝයි තොග පිටින් තියෙනවා. ඉතා දුක් මහන්සියෙන් 125MB ක විඩියෝ වගයක් Suntel CDMA එකෙන් බා ගත්තා. පළවෙනි වතාවට ම‍ගේ මැසිම රැය පුරා ඔන් එකේ තිබ්බාtepuktangan. බෑවෙන්නෙත් ඉතින් 2 - 3 KBps අතර ස්පිඩ් එකකින් තමා. ඒත් ඉතින් බාපු විඩියෝ ටික නම් පට්ට. ඹයගොල්ලොත් බාලා බලන්න සිමා රහිත ජංජාල වත්කම් ඇත්තෝ Gags වල විඩියෝ සේරම ටික බාලා පිංතකා මටත් DVD එකක් දෙකක් එවන්නsengihnampakgigi.

මෙන්න ටොරන්ට් ‍මෙතන සහ මෙතන

Monday, July 20, 2009

උබුන්ටු සමග වරුවක්

මම උබුන්ටු ගැන දැගත්තේ ඉතාම මෑතකදි. ඒත් උබුන්ටු 9.04 ආපුගමන්ම මමත් බාගත්තා. ඒත් ඒක මම දැම්මෙ VMware ඇතුලට විතරයි. ටෙස්කරලා එහෙම බැලුව. Mp3, Films මුකුත්ම play වෙන්නෙ නෑsedih. VLC දාගන්න බැලුවත් ඒක කරගන්න බැරි වුනා. උබුන්ටු ගැන දන්න එකෙක් මේ අහලකවත් හිටියෙත් නෑ. ඒනිසා VMware ඇතුලෙම උබුන්ටු නතර වුනා. මේ ලගදි ආයෙත් ඕක අරන් බලන්න ඕනෙ කියල හිතාගෙන Ubuntu/Windows Dual boot ලිපියක් හොයාගත්තා. එකපාරක් දෙපාරක් චොර වුනත් වැඩේ ගොඩ දාගත්තා. ඒත් අන්තිමට ආපහු පරණ ලෙඩේම එනව. Mp3, Films මුකුත්ම වැඩ නෑ. සති දෙක තුනක් උබුන්ටුත් එක්ක ඔට්ටු වුනා. ඒත් Mp3 play වෙන්න හදා ගන්න බැරි වුනා. ආයෙත් පරණ වින්ඩෝස් වලටම බැස්සා. පස්සේ තමයි super ubuntu ගැන දැක්කේ. එහෙන් මෙහෙන් විස්තර හොයා ගත්තා. ගූගල් සර්ච් පාරක් දාලා ටොරන්ට් ලින්ක් එකක් හොයා ගත්ත. මම ඉතින් දුප්පත් අන්තර්ජාල හිමියනේ. මට කොහෙන්ද ටොරන්ට් බාන්න වත්කමක්? ImageShack එකෙන් ගන්න බැලුවම ImageShack වැඩ නෑsedih. නිකමට වගේ super ubuntu වල ඩිරෙක්ට් ලින්ක් එකක් තියෙනවද කියල search පාරක් දැම්මා. මෙන්න බොලේ super ubuntu වල direct link එකක් softpedia වල තියෙනවා. වෙන මොනවද ඉතින්? sengihnampakgigiහොයන්නාට හම්බවෙයි. හික් හික්... පස්සේ ඩයලොග් සිම් එකට රු50ක් දාල අමාරුවෙන් බාගත්තා. Dialog ඇවිල්ලා සුපිරි ස්ටේබල් පුළුල් පරාස සම්බන්ධතාවක්නේ. Dialog එකට පිංසිද්ධ වෙන්න පැය දෙකක්ම ගියා. මෙන්න සුපිරි ස්ටේබල් බව....


කොහොම හරි බාගෙන DVD එකකට රයිට් කරගත්තා. කොහොමද කියල බලන්න Live දාල බැලුව. පෙනුමින් නම් වැඩි වෙනසක් නෑත හැබැයි වොල් පේපරේ වෙනස්. පස්සෙ මම USB pen ගහලා ඒකේ තිබුණු සිංදුවක් ප්ලේ කරන්න බැලුවා. මෙන්න බඩු වැඩsenyum. මගේ partition ටිකත් මවුන්ට් කරගත්තා. පස්සේ තමයි application ටික දැක්කේ. official උබුන්ටු එකට වඩා application තොගයක් තිබ්බා. ‍‍‍VLC, Real player, skype වගේ application ගොඩක් තිබ්බා. වයිනුත් තිබ්බා. ඒකෙන් ලේසියෙන්ම වින්ඩොස් application ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ලු. දැන්නේ දන්නේ... sengihnampakgigi හික් හික්.... ටිකෙන් ටික තමයි ඉගෙනගන්න ඕනේ... kenyitදැන් හොදම වැඩේ ඕක නෙවෙයි. උබුන්ටු වල මොඩම් අනං මනං වැඩ කරන්නේ නෑ කියලනේ කියන්නේ. ඕනෙ එකක් කියලා ඉස්සෙල්ලාම CDMA phone එක හයිකලා. කිසිම සද්දයක් නෑ. මේකත් වැඩ නැතුව ඇති කියල පස්සේ නිකමට වගේ මගේ Huawei E160 3G මොඩමෙ හයිකළා. තත්පර 10 කට විතර පස්සෙ මෙන්න බොලේ ‍Mobile broadband connection කියලා wizard එකක් ව‍ෙග් එකක් ආවා. මමත් ඉතින් forward කළා. මෙන්න රට select කරන්න ආවා. ඊ‍ට පස්සෙ ISP select කරන්න ආවා. මොබිටෙල් කියලම තියෙනවා. කනෙක්ෂන් එකට නමකුත් දුන්නා. මෙන්න පටස් ගාලා සිග්නල් ආවා. පස්සේ උඩ තියෙන නෙට්වර්ක් අයිකන් එකෙන් අපේ කනෙක්ෂන් එක select කරපු ගමන් internet වැඩ කලාsenyum. profile හැදිලි අනං මනං සංකිර්ණ ප්ලෑන් නෑ. වැඩේට ගියේ තත් 15 කටත් අඩු කාලයක්. මෙච්චර ලේසියට මොඩම් එක හදාගන්න පුළුවන් වෙයි කියල මම නං හිතුවෙ නෑ.


හැබැයි සිංහල නම් පොඩ්ඩක් චොර වගේ. නෙට් මිටරයක් නැති නිසා මම පටස් ගාල ඩිස්කනෙක්ට් කළා. මෙගාබයිට් ගාන බේරගන්න එපායැ. කොච්චර upload/download වෙනවද කියල බලාගන්න විදියක් නෑ. වයින් වලින් නෙට් මිටරයක් දාගන්න පුළුවන්ද දන්නෑ. ටෙස් කරල බලන්න ඕනෙ. internet පාවිච්චි කරන්න, සිංදු අහන්න, චිත්‍රපටි බලන්න නම් super ubuntu හොදටම ඇති කියල දැන් නම් හිතෙනව. සිංදු, ෆිල්ම් ප්ලේ වෙන්නැති නිසා උබුන්ටු අයින්කරපු කස්ටිය පොඩ්ඩක් නිකං super ubuntu දාලා බලන්න. අනිවාර්යයෙන් ආස හිතෙයි. මමත් උබුන්ටු වලට අළුත් කෙනෙක් විදියටයි කියන්නේ.


මෙන්න ලින්ක් ටික

direct link (988 MB)
torrents (988 MB)

Sunday, July 19, 2009

ජෙල් සහ මං

කස්ටිය කොහොමද ඉතින්..? ජෙල් කිව්වම එක එක ජාතියෙ පෙල් තියෙනව. මම මේ කියන්නේ හෙයා ජෙල් ගැන. ජෙල් කියන්නේ කොව්වර ප්‍රයෝජනවත් දෙයක්ද? මමත් ඉතින් මේ හෙයා ජෙල් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්senyum. දවස පුරාහ ජෙල් ගාගෙන තමයි ඉන්නේ... ගානව කිව්වට නානවsengihnampakgigi. දැන් ඉතින් ඒකේ ප්‍රතිඵල හම්බවෙලා. මගේ කොණ්ඩෙ දැන් තඹ පාට වෙලා. ඒක කමක් නෑ කියමුකෝ. ඒත් දැන් මාස 3 -4 ක ඉදලා මගේ කොණ්ඩෙ යනවා. හෆෝයි.... hah මට ලොකු ජෙල් ටින් එකක් පාවිච්චි කරන්න පුළුවන් මාස 1 1/2 විතර තමා. ඒකක් 150 විතර වෙනවා. ගෝල්ඩ් තමයි පාවිච්චි කරන්නේ. මටම දැන් තේරෙනවා ජෙල් පාවිච්චිය හොද නෑ කියලා. ඒත් ඉතින් කොණ්ඩෙට ගාන්න වෙන මොනවද තියෙන්නේ? හෙයා ක්‍රීම් ගාන්නත් බෑ. ජෙල් හොද නැත්නම් හෙයා ක්‍රීම් හොදත් නැ. අනිත් ඔප්ෂන් එක තමයි පොල්තෙල්. හෆෝ... ඒත් පොල්තෙල් ගාල පාරෙ බැහැල යන්නේ කොහොමද? sengihnampakgigiඅව්වට පොල්තෙල් ටික මූණ දිගේ බේරෙනවා. අනික තමයි ජෙල් ගෑවම වගේ කොණඩෙ ගල් වෙලා තියෙන්නෑ. ම‍ට කොණ්ඩෙ බේරගන්නත් ඕනේ ඒත් හෙයා ජෙල් අත්හරින්නත් බෑ... මේකට වෙන විසදුමක් අනතර්ජාලෙන්වත් හොයා ගන්න ඕනේ.


Thursday, July 16, 2009

ඕවර්ක්ලොක් කරමු processor එක වනසමු...

කස්ටිය කොහොමද ඉතින්..? ඔවර්ක්ලොක් වලට කස්ටිය ටිකක් උනන්දුයි ‍වගේ. මේක පටන් ගන්න කලින් මේ දේනම් කියලා ඉන්න ඕනේ. අහල තියෙනවානේ රජයේ අවවාදයයි දුම්බීම පිළිකා ඇති කරයි කියන එක. මේක ඕවර් ක්ලොක් වලටත් අදාලයි. තිළිණ බුවාගේ අවවාදයයි ඕවර්ක්ලොක් කිරිමෙන් CPU, Motherboard, chipset, Memory ආදි උපාංග හා මෙකි නොකි දේ වලට හානි සිදුවිය හැකිය. ඕවර්ක්ලොක් කරන්නා අදාල අතුරු ප්‍රතිඵල දැරිය යුතුයිsengihnampakgigi. මම නම් පිච්චුනු කොම්පියුර් කෑලි වලට වග කියනු නොලැබේ. හික් හික්... sengihnampakgigi ඕව ක්ලොක් කරපු ගමන්ම කෑලි ටික පිච්චිලා යන්නෑ. බිය නොවනු.

ඉස්සෙල්ලාම බලමු ඇයි අපි මේ ඕව ක්ලොක් කරන්නේ? ප්‍රොසෙසරය කියන්නේ කොමිපියුටරයක මොළය කියලා කවුරුත් දන්නවනේ... ඉතින් මේ මොළයේ වේගය වැඩි වෙන තරමට කම්පියුටරයකින් කරන කාර්යයේ වේගයත් වැඩි වෙනවා. ටයිප් කරන වැඩ වලට මේක අදාල නැති වුනත් කොමිපියුටර් ගේම්ස්, විඩියෝ කන්වට් වගේ වැඩ වලදි එම කාර්යය සිදුවෙන වේගය රදා පවතින්නේ CPU එකේ වේගය, ප්‍රබල තාව මතයි. ඉතින් තමන්ගේ කොමිපියුටරයේ තියෙන ප්‍රොසෙසරයේ වේගය මදිනම්...? වැඩි වේගයක් සහිත CPU එකක් ද‍ාගන්න සල්ලිත් නැත්නම්..? විසදුමක් තිබේ....senyum ඒ තමයි ඕවර් ක්ලොක් කිරීම. CPU එකේ Speed එක හැදෙන්නේ කොහොමද ? CPU Bus x Multiplier = Internal CPU speed. ඕවර් ක්ලොක් කිරීමේදි අපි කරන්නේ මේ CPU Bus එක වැඩි කිරිමයි. Multiplier නම් වැඩි කලහැක්කේ Extreme CPU (Intel) වල පමණි. නමුත් සියලුම ව‍ාගේ CPU වල Multiplier එක අඩු කළ හැක. උදා: විදියට. CPU Bus 200MHz යි Multiplier එක 8 කියලා හිතන්න. එතකොට CPU ස්පිඩ් එක 200MHz x 8 = 1600MHz. දැන් ඉතින් අපි 200MHz bus ස්පිඩ් එක 300MHz කළොත් ස්පිඩ් එක 300MHz x 8 = 2400MHz. 1600MHz ක CPU එකක් 2400MHz කට ඕවර්ක්ලොක් කළා කියන්නේ 800MHz ක වැඩි විමක්. ඉතින් මේක තමයි ඕවර්ක්ලොක් සිද්ධිය.



CPU වෝල්ටේජ් වෙනස් නොකර 600 – 1000MHz ක විතර ස්පිඩ් එකක් ගන්න පුළුවන්. මතක තියාගත යුතුයි CPU Bus වැඩි කරන විටම FSB ස්පිඩ් එකත් Memory ස්පිඩ් එකත් වැඩි වෙනවා. FSB එක හැදෙන්නේ, CPU Bus එක x 4 = FSB මේ 4 කියන ඉලක්කම වෙනස් නොවෙන එකක්. උදා 266MHz ක CPU Bus එකක් ඇති Core 2 Duo CPU එකක FSB එක 1066MHz යි. 266MHz x 4 = 1066MHz . (266 ‍යි පොයින්ට් 2- 3 ක් තියෙනවා අනිත් දේ තමයි මම මේ කතා කරන්නේ Intel CPU ගැන විතරයි, AMD CPU ගැන මට එච්චර දැනුමක් නෑ. ඒත් AMD වලත් සිද්ධිය මේකයි) FSB එකට අනුව Memory ස්පීඩ් එකත් වැඩි වෙනවා. හරි බයිලා ඉවරයිsengihnampakgigi. මේක කරන්නේ කොහොමද බලමු.

ඉස්සෙල්ල‍ාම පොඩ් Software දෙකක් බාගන්න ඕනේ. මෙව්වා ඇවිල්ලා Free Software. CPU Z හා OCCT. CPU Z වලින් CPU, FSB, Memory ස්පිඩ් බලාගන්න පුළුවන්. OCCT එක යොදා ගන්නේ ඕවර්ක්ලොක් කලාට පස්සේ system එක ස්ටේබල් ද කියලා බලාගන්නයි. System stable චෙක් කරන්න මිට වඩා වෙනස් software තියෙනවා. ඕනේ software ටික බෑව නම් මැසිම restart කරන්න. Delete ඔබලා BIOS setup වලට යන්න. හැම Motherboard එකකම වගේ ඕවක්ලොක් disable කරලා තියෙන්නේ. ඉස්සෙල්ලාම ඒ මෙනු එක හොයා ගන්න ඕනේ. මේ මෙනු එකේ නම් M’ board එකෙන් එකට වෙනස්. ඒ නිසා මේකයි කියලා හරියටම කියන්න බෑ. තමන්ටම තමයි හොයාගන්න වෙන්නේ Foxconn නම් Fox central control unit (ඒත් හරියටම ෂුවර් නෑ) Gigabyte නම් MB Intelligent Tweaker (Gigabyte Rockssengihnampakgigi) කොහොම හරි ඕවර්ක්ලොක් enable කළා කියමුකෝ.



දැන් bus speed එක (මේකත් තියෙන්නේ bus speed කියලා නෙවේ - Foxconn වල CPU clock, Gigabyte වල CPU Host Frequency) වැඩි කරන්න ඕනේ. මේක පටන් ගන්නේ 133, 200, 266, 333 ආදි ගණන් වලින්.

උදා විදියට මම 200MHz එක ගන්නම්. මේක ඉස්සෙල්ලාම 200MHz ඉදලා 215MHz විතර වැඩි කරලා බලන්න.


පස්සේ F10 ගහලා සේව් කරන්න. restart කරලා OS එකට යන්න. CPU Z රන් කරලා බලන්න. CPU, FSB, Memory ස්පීඩ් එක වැඩි වෙලා ඇති. පස්සේ OCCT එක රන් කරලා stable කියලා බලන්න.



වැඩේ සාර්ථක නම් තව පොඩ්ඩක් CPU bus එක වැඩි කරලා බලන්න. ඒත් CPU bus එක 50 කට 60 කට වඩා ගෙනියන්න එපා කියලයි මම කියන්නේ. වැඩි CPU bus එකකට යනවා නම් Memory Multiplier අඩු කළ යුතුයි.


ඕවර්ක්ලොක් කරනකොට CPU එක වැඩියෙන් රත් වෙනවා ඒ නිසා CPU ෆෑන්/හීට්සින්ක් හොද තත්ත්වයේ තියෙනවද කියල බලන්න ඕනේ. CPU, chipset, Memory වෝල්ටේජ් හා Memory timings වෙනස් කිරිම ටිකක් ඇඩ්වාන්ස්. ඒ ගැන මම මෙතන කතා කරන්නෑ. Bios වලදි F10 ගහලා සේව් කළාට පස්සේ, මැෂිම ඔන් වෙන්නේ නැත්නම් Bios ක්ලියර් කරන්න. එතකොට වෙනස් කරපුවා සේරම ආයෙත් Default වෙලා මැසිම ඔන් වෙයි. මෙහෙම තමයි ඕවර්ක්ලොක් කරන්නේ. මෙතන මම වැරදි තොරතුරු ලියල තියෙනවා නම් දන්න අයියෙක් ඒවා නිවැරදි කරන්න. මේක ලියලා මටම පිස්සු හැදුනාsengihnampakgigi. ප්‍රශ්න තියෙනවා නම් අහන්න.

Tuesday, July 14, 2009

මගේ බයික් ඉතිහාසය

අද නම් මගේ බයික් ඉතිහාසය ලියන්නයි කල්පනා කොළේ. කවුරු හරි මගෙන් ඇහුවොත් වැඩියෙන්ම කැමති දේවල් මොනවද කියලා..? මගේ පළවෙනි උත්තරේ තමයි බයික්. ඒ තරමට මම බයික් වලට කැමතියි. මට ඉස්සර තිබ්බේ පුටාර් එකකනේ කොහෙද යන අනන්‍යතාවක් නැති එකෙක් ඒක ඉස්සුවානේmarah. අනේ මං එහෙ මෙහෙ රවුං ගහපු මගේ පුටාර් එක. පස්සේ ඉතින් ගෙදර කස්ටියට මං ගැන දුක හිතිලා මට බයික් එකක් අරන් දුන්නාsenyum. ඒක Bajaj CT100 එකක්. ම‍ම ඒ දවස් වල බයික් පදින්න දන්නැති නිසා පරණ එකක් තමයි අරගත්තේ. ලයිසන් තිබ්බෙත් නෑ. මම ම ඉතින් මේක පදින්න ඉගෙන ගත්තා. පුටාර් පැදපු මට මේකත් කජ්ජක්ද? sengihnampakgigi ඒ දවස්වල මේක කන්දක් මැද එහෙම නැවැත්තුවොත් සොරි තමා. උඩට ගැනිලි බොරු. මම ඉතින් කන්දක් දකිනතකොට කන්ද මැද නතර කිරිමට නොලැබේවා කියල දෙවියන් සිහිකරගෙන තමයි යන්නේ. ඔහොම බයික් එක මාස හත අටක්ම පැද්දා. ලයිසනුත් ගත්තා. ඊට පස්සේ ඕන වැඩක් දාන්න පුළුවන් වුනා. මාර වේගෙන් යන්නත් පුරුදු වුනා. සාමාන්‍ය පොඩි පාරකදි වුනත් වේගය 60kmph කට වැඩි වුනා. හොද කාපට් පාරකදි වේගය ඊටත් වැඩියි. දන්න කියන කස්ටිය කිව්වා ඔච්චර වේගෙන් යන්න එපා කියලා. මම ඒවා තුට්ටුවකට ගණන් ගත්තේ නෑkenyit. බයික් එක අරන් මාස 10 කට විතර පස්සේ කොළඹ මිගමුව පාරේදි මාව හැප්පුනාsedih. වෙන බයික් කාරයෙක් පාර හරහා අනෙක් පැත්තට යනකොට මිනිහගේ බයික් එක පාරටම පාර මැද නතර වුනා. මම පාර දිගේ කෙලින් ආවේ 65 - 70kmph කට විතර ආපු මම අර මිනිහගේ බයික් එකේ හැප්පුනා. මාව උඩින් විසිවෙලා ගියා. හෙල්මට් එක නිසා ඔලුව බේරුණා. පාර දිගේ ඇදිලා ගිය නිසා අතයි කකුලයි පොඩ්ඩක් ලෙලි ගියා. අත පය නම් කැඩුනේ‍නෑ. හැබැයි බයික් එක කුඩු. ඉස්සරහා රිම් එක ඇද වුනා, පෝක් දෙක, හැඩල් එක ඇද වුනා, ලයිට් අනං මනං කුඩු වුනා. පස්සේ බයික් එක හදන්නෙ නැතුවම හෙන අඩුවට විකුණලා දැම්මා. (ඉන්ෂුවරන්ස් තිබ්බෙ නෑනේ) තුවාල එහෙම සනිප වුනාම ආයෙත් බයික් එකක් ඔනෙ වුනා. මාස කිපයකට පස්සේ හිමින් යාමේ පොරොන්දුව පිට ආයෙත් බයික් එකක් අරගෙන දුන්නා. ඒක Bajaj Pulsar 150 Digital එකක්senyum. තාමත් මම පදින්නේ ඒ බයික් එක. මේකේ ගියර් දාන්නෙ උඩ පැත්තට. ඒක පුරුදු වෙන්න මට මාර කාලයක් ගියා.


(මගේ යකඩ අස්සයා)

දැන් මේකට අවු දෙකකට කිට්ටුයි. දැන් නම් මම හයියෙන් යන්නෑ. සාමාන්‍ය වේගය 45 - 50kmph යි. හොදම පාරකදි නම් 60 ට විතර යනවා. ඒත් දවසක් හදිස්සියකට 90ත් පැනලා ගියා. හෆෝයි ආයෙනම් යන්නෑ. හිමින් ගිය නිසා වෙනන ඇති තාම මම මේ pulsar එකෙන් වැටුනේ නෑ. මම නම් බයික් පදින උන්ට, බයික් ගන්න ඉන්න උනට කියන්නේ පුළුවන් තරමි හිමින් යන්න. හදිස්සියට කියලා හෙන වේගෙන් ගිහිල්ලා හැප්පිලා මාස ගණන් ඇදට වෙලා ඉන්නවට වඩා හිමින් ගිහිල්ලා පැය ½ ක් පරක්කු වුනාට කමක් නෑ කියලයි මම හිතන්නේ. බයික් කාරයෝ හයියෙන් යන්නේ හදිස්සියට නෙවේ ජොලියට, ආතල් එකට. මේ මොන බයිලා ගැහුවත් මමත් හයියෙන් යන වෙලාවල් තියෙනවා. බැරිවෙලා වත් මම මාස 2 – 3 ක් මේ බ්ලොගය ලියන්‍නැතුව හිටියොත් මාව බයික් එකෙන් හැප්පිලා උඩ ගිහිල්ලා තමයිsengihnampakgigi. පල්සරේ ගත්තට මොකද මම ආසම බයික් එක Suzuki GSX1300R Hayabusa . මේක 1300cc බයික් එකක්. 340kmph කට විතර යන්න පුළුවන්. Dhoom 1 ෆිල්ම් එකේ තිබුණෙත් මේ බයික් එක තමා.ඉතින් මේක තමයි මගේ බයික් ඉතිහාසය.

බයික් වලට කැමති කස්ටියට. බයික් review සයිට් එකක් මෙතන තියෙනවා.